කලියුගයේ කතරගම දෙයියෝ සිරගත වෙලා... ~ niruwatha

Wednesday, January 29, 2014

කලියුගයේ කතරගම දෙයියෝ සිරගත වෙලා...


පසුගිය 20 වැනිදා සඳුදා දිනයක් නිසාම කතරගම පූජා භූමිය වෙනදාට වඩා නිස්කලංකව තිබිණි.ප්‍රාර්ථනා දහසක් පූජා වට්ටි මත තබාගත් බැතිමතුන් තම තමන්ගේ විශ්වාසයන් සොයා ගමන් කරයි.
කිරි වෙහෙර තරම් විශාල හීන මැද ජීවිතය හොයන මිනිසුන් අප පසු කරද්දී එක්වරම මවිතයට පත් වූ මිනිසුන් අහස දෙස බලන්නට විය.එක් අයෙක් උඩ බලද්දී එය දෙදෙනකු වීමට වැඩිවෙලා ගත නොවීය.දෙතුන් දෙනා දහය පහළොව වෙද්දී මමද ඒ දෙසට කඩිමුඩියේ ගමන් කළෙමි.කතරගම පූජා භූමියේ වල්ලි අම්මා දේවාලය අසල විශාල සියඹලා ගැහෙ බැනර් කිහිපයකි.මම කදී මුඩියේ ඒ අපූරු බැනර් කියවන්නට වීමි.

"මම තමයි කතරගම දෙවියෝ"
"මට පුළුවන් මේ ලෝකේ විනාස කරන්න"
"වහාම මට ජනාධිපතිතුමා මුනගස්වන්න"

මිනිසුන් කුතුහලයෙන් තැති ගන්නා හැටි මම බලා සිටියෙමි.මිනිසුන් උඩ බලන්නට වුහ.
"ඒයි කවුද ගහ උඩ ඉන්නවා", තැතිගත් මිනිසෙක් තවත් අයෙකුට කරුණු පහදා දෙයි.සියල්ලෝම පුදුමයෙන් නැවතත් සියඹලා ගහ මුදුනට දෑස් යොමු කරති."

"බොබ් මාර්ලේ" සේම කොණ්ඩය වවාගත් අයෙක් සියඹලා ගහ මුදුනේ උපවාසයක් ආරම්භ කොට ඇති බව අපට වැටහුනේ මේ අපුරු පුද්ගලයා හරි හැටි දැක ගත පසුවය.කෙසේ වෙතත් උදෑසන 7.30 පමණ වන විට අති විශාල ජන ගංගාවක් මේ නව කඳ කුමරුවා බැහැ දකින්නට පැමිණියාය.ඒ අතර කතරගම පොලිසියේ රාජකාරියේ නියැළී සිටි පොලිස් නිළදාරීන් පිරිසක්ද විය.ඔවුන් කොපමණ ඇවිටිලි කළද මොහු ගහෙන් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් තම සටන් පාඨයන් කියමින් සිටියහ.ඒ අතර කතරගම පොලිසියේ ස්තානාධිපතිවරයාද මෙම ස්ථානයට පැමියේය.

ස්ථානාධිපති තුමා මොහුට ගහෙන් බැසීමට අණ කල විට මොහුගෙන් අපූරු ප්‍රතිචාරයක් ලැබුණි.ඒ,
"මම ඔය මෝඩ මිනිස්සුන්ට පිළිතුරු දෙන්නේ නෑ, මට විශාල බලයක් තියනවා, ඒක ඔහෙලට තේරෙන්නේ නෑ." යනුවෙනි. එවිට ස්ථානාධිපති තුමා ඔහුගෙන් අවශ්‍යතාවය විමසු අතර ඔහුට උවමනා වී ඇත්තේ ජනාධිපති තුමා මුණගැසීමටය.එයට පොරොන්දු වූ ස්ථානාධිපති තුමා ඔහුව ගහෙන් බස්වා ගෙන පොලිසියට රැගෙන ගියහ.



ඔය අතර අවට විපරමින් සිටි අපට ඔහුගේ ගමේ පුද්ගලයකු අපට මුණ ගැසිනි.මේ ඔහු කියූ කතාවයි.
ඔහු රෝහිත යි.ඔහුගේ ගම්පියස වන්නේ කතරගම ගාමිණීපුරයයි.දක්ෂ කුංෆු සටන් කරුවකු වන මොහු තදින්ම ගංජා පානයට ලොල් වූ පුද්ගලයෙකි.එක් දරු පියෙකු වන මොහු දැන් එම පවුලෙන්ද ඉවත් කොට ඇති බව අපට ඔහුගේ බිරිදගෙන් දන ගන්නට ලැබුණි.ඇය මොහු සමග ජීවත් වීමේදී ඇති වූ අගහිඟකම් නිසා විදේශ ගතවී ඇති අතර මොහුට මුදල්ද ඒවා ඇත.මොහු ඒවාද තම සුපුරුදා මධුරමය පානය වෙත ලබා දී සියල්ල විනාස කර ඇති අතර මීට අවුරුදු දෙකකට පෙර මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු වීම නිසා සිර ගත වී ඇත.දැන් සිරෙන් නිදහස් වී පැමිණි මොහු නැවතත් තම සුපුරුදු දිවියටම ඇතුලත් වී ඇත.

සිතන්න මත්ද්‍රවය කෙතරම් වටිනා ජීවිත විනාස කර එම වටිනාකම් උකහා ගන්නවාද?

5 comments:

Anonymous said...

:))

Anonymous said...

andenawa oi

Anonymous said...

ජිනීවා ගිහින් දෙකට නැමිලා ඉදල වරෙන් පාහර බලල....රටේ ප්‍රශ්නයක් තියෙනවනම් රටතුලදී එක විසදා නොගෙන NGO සල්ලි වලට කහින රට පාවා දෙන අවජාතකයා...වික්‍රමබාහු..තොට සාප වේවා..!

Anonymous said...

pisso okkoma ganja gahapu ewunda ....?

Anonymous said...

:-#

Post a Comment