සුන්දරියෝ 26ක් ඊයේ රෑ මරදාන පොලිසියට ~ niruwatha

Wednesday, February 5, 2014

සුන්දරියෝ 26ක් ඊයේ රෑ මරදාන පොලිසියට

ගණිකා වෘත්තියේ නියැලීම සඳහා සුදානම් වී සිටි කාන්තාවන් 26 දෙනෙකු බස්නාහිර පළාත් දුෂණ මර්ධන ඒකකය ඊයේ මරදාන ප්‍රදේශයේදී සිදු කල වැටලීමකදී අත් අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ලද තොරතුරක් මත මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ගණිකා නිවාස තුනක් වැටලීමේදී මෙම කාන්තාවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.

21 හැවිරිදි වියේ සිට 45 හැවිරිදි විය අතර පසුවන අත් පත් කාන්තාවන් කොළඹ අවට සහ මැදවච්චිය, කල්මුණේ, අවිස්සාවේල්ල, නුවර එළිය ප්‍රදේශවල පදිංචිකාරියන්ය.

මෙම සියලු දෙනාම අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දුෂණ මර්ධන ඒකකය වැඩි දුර විමර්ශන සිදු ලබයි.

0 comments:

Post a Comment