සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයට නාම යෝජනා නොලැබීම සම්බන්ධයෙන් තමන් තුළ දුකක් හෝ කනගාටුවක් නොමැති බව කී මංගලා මහත්මිය තමන් මැතිවරණයට තරග කිරීමට සූදානම් වූයේ ජනතාවට සේවය කිරීමට වන බවත්, නාම යෝජනා නොලැබුණද ඉදිරියේදී තමන් ජනතාවට සේවය කරන බවත් අවධාරණය කළාය.
නාම යෝජනා ලබා නොදීම සම්බන්ධයෙන් දන්නේ නාම යෝජනා තේරීම පිළිබඳව භාරව කටයුතු කළ පුද්ගලයන් වීම හේතුවෙන් ඊට වඩා යමක් දීර්ඝව ප්රකාශ කිරීමට තමන් නොදන්නා බවද වැඩිදුරටත් ඇය කීවාය.
මංගලා මහත්මිය ඊයේ (6දා) "මව්බිම" සහෝදර පුවත්පත "සිලෝන් ටුඩේ" වෙතද මෙසේ ප්රකාශ කර තිබුණාය.
"ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රකාශකයෙක් කලින් දිනයේ රෑ මට කතා කර කීවා පක්ෂ නායකයන් නිළියන්ට නාම යෝජනා ලබා නොදීමට තීරණය කළ බව. ඒ මොහොතේ මම දුමින්ද සිල්වාට ඇමතුමක් දුන්නම ඔහු කිව්වා ශ්රී ලංකා නිදහස් පක්ෂ ජේයෂ්ඨ සාමාජිකයන් නිළියන්ට නාම යෝජනා දීමට විරුද්ධ වී ඇති බව. මට නාම යෝජනා නොලැබීම ගැන දන්න එකම කෙනා ඔහුයි. මම අනිවාර්යයෙන් නාම යෝජනා ලැබීමට සිටියා වගේම බොහෝදෙනා මට සහාය දීමට ඉදිරිපත් වුණා" යැයි ඇය සඳහන් කර තිබිණි.
6:01 PM
Unknown

Posted in:
1 comments:
(f)
Post a Comment