තවත් 'ෆේස්බුක්' පෙමකට ඇල්පිටියේ තරුණියකුත් බිලි ~ niruwatha

Wednesday, February 19, 2014

තවත් 'ෆේස්බුක්' පෙමකට ඇල්පිටියේ තරුණියකුත් බිලි

පිටිගල පොලිස් වසමට අයත් මන්නාගොඩ ප්‍රදේශයේ පදිංචි දහනව හැවිරිදි තරුණියක ෆේස්බුක් මඟින් පෙම්දමක පැටලී ඇතිවූ ආරවුලක් මත සිය නිවෙසේදී සාරියකින් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. මියගොස් ඇත්තේ කේ.කේ.දිනූෂිකා තිලක්ෂි නමැති තරුණියකි.

මාස හයක් තිස්සේ ෆේස් බුක් මඟින් රාජ්‍ය ආයතනයක සේවය කරන අයකු සමඟ පෙම් බැඳි ඇයගේ ඡායාරූපයක් ඉල්ලා සිටි අවස්ථාවේ ඇය වෙනත් සුරූපී තරුණියකගේ ඡායාරූපයක් ෆේස්බුක් එකට දමා ඇති බව පොලිසිය පැවැසීය. පසුව එම රාජ්‍ය සේවකයාගේ මවුපියන් ඇය බැලීමට නිවෙසට පැමිණි අවස්ථාවේ ඡායාරූපයේ දැක්වෙන්නේ ඇය නොවන බව හෙළිවී තිබේ. මේ අවස්ථාවේ ඇය නිවෙසට වැදී ‍ෙදාර වසාගෙන ඇති බවද කියයි.


මව තේ කම්හලක සේවය සඳහා ගිය අවස්ථාවේ ඇය මෙසේ ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව පොලිසිය පැවැසීය. පළමුවර අපොස උසස් පෙළ අසමත් ඇය දෙවැනි වර විභාගයට පෙනී සිටීමට අයැදුම්පතක් ඊයේ ඉදිරිපත් කර ඇති බවද පොලිසිය කියයි.
ඇල්පිටිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි ආනන්ද සමරසේකර මහතාගේ උපදෙස් මත පිටිගල පොලිස් ස්ථානාධිපති එච්. ඩබ්ලිව්. උදයකුමාර මහතා පරීක්ෂණ පවත්වයි.

0 comments:

Post a Comment