හිරුණිකා එක්ක මලට දුමියාගෙන් ජින්ජර්ව ~ niruwatha

Monday, February 3, 2014

හිරුණිකා එක්ක මලට දුමියාගෙන් ජින්ජර්ව

මේ සමාජයේ දිවි ගෙවන්නා වූ පුද්ගලයන්ට විවිධ මති මතාන්තර, තරහ, කෝන්තර ආදිය තිබිය හැක.ඒවා ඔවුන් අමතක කර නොදමා දිගින් දිගටම ඇදගෙන යනවාද විය හැක.නමුත් තමුන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේදී සාමාන්‍ය ජනතාවට යම් අසාධාරනයක් සිදු වෙනවානම් එම පිළිතුරු සොයනා පාර්ශවය ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතුය.ඉතින් මේ අද අප කතා කරන්නට යන හිරු - දුමි වලියත් අප ඉහත කී ලෙස මෙරට මහජනතාවට රාජකීය nut එකක් වී හමාරය.අපි දැන් ඒ පිළිබඳව කතා කරමු.


දුමින්ද සහ හිරුණිකා අතර ඇති ප්‍රශ්නය විසෙදෙනවාද ,නැත්ද යන්න අපි දන්නේ නැත.නමුත් හිරුණිකා පාර්ලිමේන්තු යනවට දුමින්ද අකමැතිය යන්න අපට දැනී ඇත.(එය එසේමද යන්න අප නොදනී).
හරක් වෙළට මිස එළවලු කොරටුවට වැඩක් වන්නේ නැත.හරක් එළවලු කොරටුවට අවොතින් වන්නේ එළවලු ටිකත් කා දමන එකය.මා ඒ කතාව දැන් ලියා තැබුවේ නිකමට වාගෙය.මන්ද මේ රටේ දැන් වෙන සිද්දීත් එක්ක මෙය ලියන මගේ ඔලුවත් අවුල් වී හමාරය.
නමුත් ජින්ජර්ව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරන්නට දත කන්නේ දුමින්ද යැයි ඕපා දූපයක් මට හන්දියේ තේ කඩේ සුගතන් මාමා තවකෙකු සමග දොඩවනවා අසන්නට ලැබිණි.එයත් එසේමද යන්න අපි නොදනී.ජින්ජර කොච්චර කිවත් ඇයට ජනතාවගේ ප්‍රශ්න තේරේන බව ජනතාවට නම් ඇයව දිරවන්නේ වේදිකාවට පමණක් ලෙස අපට දැනේ.අපි ජින්ජර්ගේ වීඩියෝ පටයක් නරඹා ඇයගේ ජනතාව පිනවන ඉදිරිපත් කිරීමක් ගැන බලා සිටිමු.




හරක් වෙළට මිස එළවලු කොරටුවට වැඩක් වන්නේ නැත.හරක් එළවලු කොරටුවට අවොතින් වන්නේ එළවලු ටිකත් කා දමන එකය.මා ඒ කතාව දැන් ලියා තැබුවේ නිකමට වාගෙය.මන්ද මේ රටේ දැන් වෙන සිද්දීත් එක්ක මෙය ලියන මගේ ඔලුවත් අවුල් වී හමාරය.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා ගැන මෙරට ජන සමාජයේ ඇති චිත්‍රයනම් පන්කාදුය.ඔහු මෙරට තාරුණ්‍යට හොඳට කන්න ,බොන්න ,සැප එහෙම දී ඇත.ඉතින් ඔහු තාරුණ්‍යට ආදරෙය.එවන් යුග පුරුෂයකු මහජනතාවට කිසි දින වැරද්දක් නොකරනු ඇත.ඉතින් ජනතාව භය වන්නේ මන්ද?

කාලය ගෙවී යන්නට ඉඩ තිබේ.බුකියේ මේ ගැන මතවාද දැරූ ඇය නිහඬය.නමුත් හන්දියේ තේ කඩේ සුගතං මාමා නම් එසේ නැත.ඔහු පවසන්නේම ජින්ජර් අක්කා ඡන්දයට ඉදිරිපත් වන බවය.එය එසේ වීමට ඉඩ ඇත්ද?

ජින්ජර්,හිරුණිකා,දුමින්ද වැන්නන් අප දේශපාලනයට අත්‍යවශ්‍ය වේ...ඔවුන්ව ආදර්ශයට ගැනීම පාඨක ඔබ සිහි තබා ගත යුතු වේ.

ජින්ජර්     - මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙනි
දුමින්ද      - තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙනි
හිරුණිකා - පියා වෙනුවෙනි

ඉදිරිය අප දන්නේ නැත.නමුත් ඔබගේ කතිරය මග බලා සිටී.ඔබගේ පමණක් නොව ඔබගේ හිත මිතුරන්ගේද,,,
දැනුවත් කරන්න

මම කෞශල්‍යා නදීශානි


(ඔබටත් සමාජයට වටිනාකම් දිය හැකි ලිපි ඇත්නම් අප වෙත එවන්න.


1 comments:

Anonymous said...
This comment has been removed by a blog administrator.

Post a Comment