ජයලලිතා ජයරාම් මානසික රෝගියෙක් ~ niruwatha

Thursday, February 27, 2014

ජයලලිතා ජයරාම් මානසික රෝගියෙක්

තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැතිනිය වන ජයලලිතා ජයරාම් මානසික රෝගියෙක් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

දිසානායක මහතා මේ බව පැවැසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ජයලලිතා තම මැතිවරණ ප්‍රකාශනයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ඊළම ලබාදෙන බවත් කච්චතිව් දූපත නැවත පවරා ගන්නා බවටත් කර ඇති සඳහන පිළිබඳ විමසීමේදීය. තමන්ට පේන්නේ ඇය යම් කිසි මානසික ආබාධයකින් පෙළෙන අයකු බව කී ඇමැතිවරයා කලකට පෙර ප්‍රභාකරන් හා එල්ටීටීඊ විරෝධියකුව සිටි ඇය දැන් අංශක 180කින් ආපසු හැරී ප්‍රභාකරන් හා එල්ටීටීඊය වෙනුවෙන් පෙනී සිටින බවයි. ඇමැති තවදුරටත් මෙසේද කීවේය.

මට නම් පේන්නේ ඇයට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද එයා එල්ටීටීඊයටයි, ප්‍රභාකරන්ටයි බයේ ප්‍රභාකරන්ව මරන්න ඕන එල්ටීටීඊය පන්නන්න ඕන කිය කියා හිටිය කෙනා දැන් අංශක 180කින් ආපහු හැරිලා එල්ටීටීඊයට පණ දෙන්න ඕන. එල්ටීටීයේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ඕන වැනි දේ කියමින් යනවා










0 comments:

Post a Comment