නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු සහ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමෙන් සියයට 3ක්ව තිබූ ගල් අඟුªරු විදුලි උත්පාදනය ජාතික පද්ධතියේ සියයට 10 දක්වා ඉහළ ගොස් ඇත.
නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ දෙවැනි අදියර පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක වන විට ඉදිරියේදීත් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ජනනය කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය තැබිය හැකි බව එම බලාගාරයේ ඉන්ජිනේරුවකු 'මව්බිම'ට පැවැසීය.
පෙබරවාරි 26 වැනිදා දක්වා දින කිහිපයක් යන තුරු නොරොච්චෝලේ දෙවැනි අදියර පරීක්ෂණ මට්ටමින් වරින් වර ක්‍රියාත්මක කෙරුණු අතර පළමු අදියරද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ හේතුවෙන් ඩීසල් මඟින් විදුලිය උත්පාදනය කිරීමට කළ වියදමින් සුළු ප්‍රමාණයක් අඩු වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ප්‍රකාශකයකු පැවැසීය.
ශිවන්ති ප්‍රනාන්දු
1:05 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment