මම සුදු අයට නම් කැමති නැහැ - නදීශානි නිලුක්ෂිකා - ~ niruwatha

Tuesday, April 29, 2014

මම සුදු අයට නම් කැමති නැහැ - නදීශානි නිලුක්ෂිකා -

නාදීෂානී නිලුක්ෂිකා කියන්නේ මේ වෙන කොට ඔයාලා කවුරුත් දන්න දක්ෂ නිළියක්නේ.
මුලින්ම නාදීෂාව දැනගන්න ලැබෙන්නේ  “වරිගපොජ්ජ“ චිත්‍රපටයෙන් ඒ “හඳුනි“ කියන චරිතය  හරහා.
ඇය “වරිගපොජිජ“ චිත්‍රපටයේ හඳුනිගේ චරිතය ඉතාමත් දක්ෂ අන්දමින් රඟපාල තියෙන බව ඒ චිත්‍රපටය බැලුවානම් කොයි කවුරුත් දන්නවා.
ඉතින් නාදීෂානී දෙරණ ආලින්දයට ආපු වේලිවේ ආදරය සම්බන්ධයෙන් මරු කතා ටිකක් අපිත් එක්ක කිව්වා.
අපි නාදීෂාගෙන් ඇහුවා මොනවාගේ සහකරුවෙක්ද ඔබ හොයන්නේ කියලා ඉදිරි අනාගතයේදී.
එතකොට නදීෂා නම් කිව්වේ මේන්න මේ වගේ දෙයක්.
“දැනටනම් තාම සහකරුවෙක් නෑ. අම්මිලට බාර දෙනවා ඒ දේ කරගෙන යන්න කියලා. හැබැයි මෙහෙමයි අම්මලා බැලුවට මටත් ඒ දේවල් ගැලපෙන්න ඕන. ඇත්තටම ආදර යෝජනා නම් මේ වෙද්දි එනවා. අම්මනම් කියනවා සිකුරා ලබලාද දන්නේ නෑ කියලා.“
“මං බලාපොරොත්තු වෙන කෙනාව  ලොකු ලස්සනක් තිබිය යුතු නෑ. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්, තේරුම් ගැනීම, විශ්වාසය, සැකයක් නැතුව මට ආදරයෙන් ඉන්න පුළුවන් නම්, මාව තේරුම් ගන්න පුළුවන් නම්. සාමන්‍ය උස ගානට තියෙන්න ඕන. සුදු අයටනම් මං කැමති නෑ. තලෙලු එක්කෙනෙක්. ඉතින් ඒ වගේ හොඳ එක්කෙනෙක් ලැබෙයි අනිවාර්යෙන් මට. ඉතින් හිමිකාරයා එනකන් බලන් ඉන්නවා “
නදීෂානී මේ කියපු දේවල් වගේම තවත්  කතා දැනගන්   පිවිසෙන්න අද දෙරණ ආලින්දයට.

0 comments:

Post a Comment