භාවනාවෙන් උෂ්ණත්වය පාලනය කල හැකි යැයි සොයා ගනී. ~ niruwatha

Wednesday, April 30, 2014

භාවනාවෙන් උෂ්ණත්වය පාලනය කල හැකි යැයි සොයා ගනී.

තිබ්බතයේ ලාමාවරු භාවනාවෙන් සිය සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ලබා ඇතැයි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂනකින් තහවුරු වී ඇත. ලාමාවරු විසින් ජී-ටුම්මෝ ලෙස මේ භාවනා ක්‍රමය හඳුන්වයි. ලාමාවරු සළකන්නේ එය අතිශය පූජනීය භාවනා ක්‍රමයක් බවයි. ඉන් අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කැර ගැනීමට හැකි බව ලාමාවරුන්ගේ විශ්වාසයයි.
පර්යේෂකයන් පවසන්නේ තිබ්බතයේ හිමාලය ආසන්න අති දුෂ්කර ප්‍රදේශයක වාසය කරමින් ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුණ කළ ලාමාවරු කිහිප දෙනකු තම පර්යේෂණයට යොදාගත් බවයි. ඒ පර්යේෂණය සඳහා ඊ.ඊ.ජී. උපකරණ යොදාගෙන ඇත.
පර්යේෂණය සිදුකළ කාලයේ දී ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 25ක් තරම් පහළ බැස තිබුණ ද ධ්‍යානයට සමවැදී භාවනාවේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලාගේ සිරුරේ තෙත රෙදි එතූවිට ඒ රෙදි වියළී යන තරමට ඔවුන් තම සිරුරේ උෂ්ණත්වය වර්ධනය කරගෙන තිබූ බව ද පර්යේෂණ වාර්තාවේ සඳහන් කැර ඇත. ඔවුන් මේ පර්යේෂණය කැර ඇත්තේ අතේ ගෙන යා හැකි ඊ.ඊ.ජී. උපකරණ භාවිතා කරමිනි.

1 comments:

a said...

http://www.youtube.com/watch?v=R-wuOYlxMSY and http://www.youtube.com/watch?v=dOk0tZHwCs4

Post a Comment