අත්අඩංගුවට පත් දකුණු කොරියානු යාත්‍රාවේ කපිතාන්වරයා සමස්ත කොරියානු ජනතාවගෙන් ම සමාව අයැද තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, කපිතාන්වරයා අනතුරට පත්වූවන්ගේ පවුල්වලින් හිස නමා සමාව අයැද සිටින බව ය.
සිය රාජකාරියේ වගකීම නිවැරදිව ඉටු නොකිරීම සහ මුහුදු සීමා නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ලී ජූන් සියොක් නමැති 69 හැවිරිදි කපිතාන්වරයා අත්අඩංගුවට ගැනිණ.
මුහුදුබත් යාත්‍රාවේ කපිතාන්වරයාගේ පාපොච්චාරණය
ගමන් මාර්ගය සම්බන්ධයෙන් එම අවස්ථාවේ යාත්‍රාව මෙහෙය වූ කනිෂ්ඨ නිලධාරියාට මා නිවැරදි උපදෙස් ලබා දුන්නා. ඊට සුළු වේලාවකට පසු මම නිදන කාමරයට පිටත් ව ගියා.
එම අවස්ථාවේ මුහුදු ජලය වේගයෙන් ගමන් කරමින් තිබුණා. මුහුදේ උෂ්ණත්වය පැවතියේ ඉතා අඩු මට්ටමක
මම හිතුවා නිවැරදි විනිශ්චයක් නැතිව මගීන් යාත්‍රාවෙන් පැන්නොත්, ආරක්ෂිත කබා පැළඳ සිටියත් නොසිටියත් ඔවුන් අනතුරට පත් වෙනවා කියලා,
මුදා ගැනීමේ කණ්ඩායම් ඒ වන තෙක් ස්ථානයට ළඟා වි සිටියේ නැහැ. අඩු ම තරමේ අනතුර සිදු වන අවස්ථාවේ ධීවර යාත්‍රාවක් හෝ වෙනත් කිසිදු යාත්‍රාවක් ඒ අවට තිබුණෙ නැහැ.
පාසල් ශිෂ්‍යයින් සිය ගණනකට මරු කැඳවමින් මුහුදුබත් වූ දකුණු කොරියානු යාත්‍රාවේ කපිතාන්වරයා සමග තව ත් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
යාත්‍රාව අනතුරට පත් වීමෙන් එහි සිටි පුද්ගලයින් 255 දෙනෙක් අතුරුදන්ව සිටිති.
ඔවුන් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි අනුමාන කෙරේ.
යාත්‍රාවේ සිටි පුද්ගලයින් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට තහවුරු වී ඇති අතර තව ත් 179 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකි විය.
මෙහි සිටි බහුතරයක් පාසල් ශිෂ්‍යයින් වන අතර එම පිරිස විනෝද චාරිකාවක නිරතව සිටියදී මෙම අනතුරට ලක් වූහ.
0 comments:
Post a Comment