මෙය ආවරණය කිරීමට මාධ්‍යවේදීන් ද පැමිණ සිටියහ. ඒ අතර පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ ‘බොදුබල සේනා’ නියෝජිතයින් එම ස්ථානය වෙත පැමිණියහ. ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් හටගත්හ.
බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරහිමියන් ප්‍රමුඛ භික්‍ෂුන් වහන්සේලා අදාල ප‍්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටි වටරැක විජිත හිමියන්ගේ පාර්ශ්වයේ භික්‍ෂුන් වහන්සේලාගෙන් දීර්ඝලෙස ප‍්‍රශ්න කිරීම් කරනු ලැබූහ. තම සංවිධානයටත් පුවත්පත් සාකච්ඡාවේ දී අදහස් පළ කරන්නට අවසර ලබා දෙන ලෙස බොදුබල සේනාව ඉල්ලා සිටියහ. එහෙත් ඊට අවසරයක් නොලැබිණ.
ජාතික බල සේනාවේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථාන පිළිබඳ බොදුබල සේනා සංවිධානය එහිදී විමසා සිටි නමුත් ඇතැම් භික්‍ෂුන්ට තමන් වහන්සේලා වැඩවාසය කරන විහාරස්ථානයක් ප‍්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ. ඉන් අනතුරුව බොදුබල සේනා සංවිධානය ඔවුන්ට ධර්ම ගැටළු කිහිපයක් ඉදිරිපත් කළ අතර ඒවාට ද ලබාදුන් පිළිතුරු පිළිබඳව බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා සතුටු වුයේ නැත.
අවසානයේ ජාතික බල සේනාව නැමැති සංවිධානය විසුරුවා හරින බවත්, තමන් වහන්සේට සමාව දෙන ලෙසත් පූජ්‍ය වටරැක විජිත හිමියන් සියලූ මාධ්‍යවේදීන් ඉදිරියේ බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලා සිටියහ.
.