වටරැක විජිත හිමි බදුර්දීන් සමග රහස් සාකච්චාවක් ( BREAKING NEWS ) ~ niruwatha

Wednesday, April 23, 2014

වටරැක විජිත හිමි බදුර්දීන් සමග රහස් සාකච්චාවක් ( BREAKING NEWS )

මහියංගන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සහ ජාතික බල සේනාවේ ලේකම් වටරැක විජිත හිමියන් මේ දිනවල පුවත් මවන්නෙක් බවට පත් වී තිබෙනවා..බොදුබල සේනාවෙන් පහර කෑමට ලක් වීමට ගිය ඒ හිමියන් පසු ගිය දා මහියංගනය ප්‍රාදේශීය සභාවේදීද ජනතාවගේ සහ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවයකට මැදිහත් වුනා.
විල්පත්තු අභය භුමිය හෙළි කරමින් මුස්ලිම් ජනතාව පදිංචි කරනවා යැයි බොදුබල සේනාවේම විවේචනයට ලක් වුනු රජයේ ප්‍රභල අමාත්‍යවරයකු වන රිෂාඩ් බදුර්දීන් මහතා සමග මේ මොහොතේදී වටරැක විජිත හිමියන් මඩපාත ප්‍රදේශයේදී රහස් සාකච්චාවක් පවත්වන බවට නිරුවත.lk ප්‍රාදේශීය මාධ්‍යවේදියාට ආරංචි වී තිබෙනවා.පැය කිහිපයක් තිස්සේ මෙම සාකච්චාව පවත්ත්වෙන බව තමයි වැඩි දුර ආරංචි වන්නේ.මේ සාකච්චාව පවත්වන්නේ දෙපාර්ශවයේම පොදු සතුරා වෙන බොදු බල සේනාව පිළිබදවද යන්න සැක සිතෙන කරුණක් බවට මේ වන විට පත්ව තිබෙනවා.හැකි ඉක්මනින් එම හමුවේදී සාකච්චාවට ලක් වෙන්නේ මොනවාදැයි ඔබට වාර්තා කිරීමට අප සුදානම් 

0 comments:

Post a Comment