බොදු බල සේනා මහ ලේකම් ඤාණසාර හිමියන් ශුද්ධ වූ කුරාණය විකෘති කර මුස්ලිම් ජනතාව කෝප ගන්වන උත්සාහයක් නිරත වන බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
මුස්ලිමි ප‍්‍රජාව අපකීර්තියට පමුනුවන හා ඒ මගින් ශී‍්‍ර ලංකාවේ මුස්ලිමි සහ අනෙකුත් ප‍්‍රජාවන් සමග පවතින සබඳකමි පලූදු කිරීමේ අරමුණින් බොදු බල සේනා හි ලේකමි - පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමි විසින් සිදු කල ප‍්‍රකාශය පිළබඳ මා වික්ෂිප්තභාවයට පත් වූ අතර මෙවැනි නොමග යවන සුලූ කි‍්‍රයාවන් හා අංග කෙරෙහි මාගේ විශේෂ සැලකිල්ල යොමු වී ඇති අතර මාගේ සංවේගයද පල කිරීමට කැමැත්තෙමි.
‘අද කුරානයේ උගන්වන අල් තකියා කියන තියරියට අනුව අල් තකියා කියන න්‍යායට අනුව අල් තකියා කිවන්නේ මොකක්වත් නොවෙයි කුරානයේ උගන්වනවා මුස්ලිම් ජනතාවට ඒ අන්තවාදී කල්ලි වලට කියනවා උඹලා ජීවත්වන ප‍්‍රදේශයට ගිහිල්ලා මිනිස්සුන්ව රැවටීමට පත් කරන්න මිනිස්සුන්ව මුලාවට පත් කරන්න මුලාවට පත් කරල රැවටීමට පත් කරල ඒ ඒ දේපළ අත් පත් කර ගන්ඩ ඉඩකඩමි අත්පත් කර ගන්ඩ ඒ කුරානීය ඉගැනිවීමි වලට අනුවයි මුස්ලිම් නායකයින් වැඩ කරන්නේ’
මෙම ප‍්‍රකාශය හාස්‍යජනක ලෙස ශුද්ධ වූ කුරානය විකෘති කිරීමක් කරන ලද්දක් වන අතර මෙවැනි නියෝගයක් කුරානයේ අඩංගු නොවන බවද මෙම මිත්‍යා ප‍්‍රබන්‍ධය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ හුදෙක් මුස්ලිමි ජනතාව ඇවිස්සීමේ බලාපොරොත්තුවෙනි.
ශුද්ධ වූ කුරානය යනු දෙවියන්ගේ වචනය අඩංගු වන අතර එය මාර්ගෝපදේශකත්වය සපයන්නකු බව අවිවාදයෙන් සඳහන් කළ හැකිය.
මෙම ප‍්‍රකාශය ශුද්ධ වූ කුරානයට අවනම්බු ගෙන එන්නක් සේම මහත් අවමානයකි. ශුද්ධ වු කුරානයට බොදු බල සේනා මගින් අවමන් කල හා සිතා මතා වැරදි උපුටා දැක්වීමි කල පලවෙනි අවස්ථාව නොවේ.
බොදු බල සේනා මගින් මහනුවරදී පැවැත් වූ රැස්වීමකදී බෞද්ධ භික්‍ෂුවක යැයි පවසන අයෙකු රැස්ව සිටින පිරිස අමතා කළ කථාවෙහි සඳහන් මුස්ලිම් ජාතිකයින් විසින් මුස්ලිම් නොවන අයට ආහාර ප‍්‍රදානය කිරීමේදී එම ආහාර සඳහා කෙළ ගසා දෙනු ලබන බව අල් කුරානයේ සඳහන් වී ඇතැයි ප‍්‍රකාශ කර ඇති අතර එම ප‍්‍රකාශය සඳහා 2013 - 03 - 17 මාධ්‍යය මගින් පුලූල් ප‍්‍රචාරයක්ද ලබා දී ඇත.
මෙය මුලූමනින්ම සත්‍ය නොවන ප‍්‍රකාශයක් වන අතර මෙම ප‍්‍රකාශක විසින් සිතින් මවාගෙන කළ මිත්‍යා ප‍්‍රකාශයකි.
මෙහි පීඩාකාරී පැතිකඩ වනුයේ මෙම අසත්‍ය ප‍්‍රකාශය කරනු ලැබූ තැනැත්තා ලොව පුරා ඇගයීමකට පාත‍්‍ර වී ඇති සිවුරු පොරවා ගත් අයෙකු වීම හා බුදුන්වහන්සේගේ ධර්මය අනුගමනය කරන්නකු වීමයි.
බුදු රජාණන් වහන්සේ විසින් උගන්වන ලද අනුකමිපාව ඉවසීම වැනි ගුණාංගයන් අප අතර අනුනාදනය වන අතර එය ලෝකවාසී සැම හට යමිකිසි අගයක් නැතිනමි හරයක් ගෙන දෙන්නක් ෙවි.
මෙවැනි දුෂ්ඨ කි‍්‍රයාවන් මගින් එවැනි උතුමි ඉගැන්වීමි නිශේධනය වන අතර ඉතා කුඩා ප‍්‍රජා කණ්ඩායමි තුල උච්ච හඬක් නැංවීමටද ඉඩ ප‍්‍රස්ථාව සලසා දේ.
මෙවැනි කුපිත කරවන සුලූ කි‍්‍රයාකාරකමි වලට මුහුන දෙන අවස්ථාවේදී මුස්ලිමි ජනතාව ඉතා ප‍්‍රශංසනීය හික්මීමක පැවත සිටීම මහත් සහනදායි කරුණක් ලෙස පෙන්වා දිය හැක.
මා එක්සත් ශ‍්‍රී ලංකාවක් කෙරෙහි බලවත් ලෙස විශ්වාස කරන්නෙකු වන අතර ශ‍්‍ර‍්‍රී ලංකාවේ අනන්‍යතාව සඳහා වෙහෙස නොබලා නොනැවතී පක්‍ෂව සිටින්නකු වේ. මා මහනුවර ද්ස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට පත්වීමට වරප‍්‍රසාද ලැබූ අතර එය ප‍්‍රබල සිංහල බෞද්ධ ඡන්ද කොටිඨාශයකි.
මා හට අති උතුමි මහානායක තෙරුන් වහන්සේ සමග කටයුතු කිරීමේ ගෞරවය ලැබී ඇති කෙනෙකු වන අතර බෞද්ධාගමිකයින්ට වැදගත් වන නොයෙකුත් ව්‍යාපෘති සඳහාද කටයුතු කර ඇත.
අප සියලූ ජාතීන් එක්ව එක් ජාතියක් ලෙස නැගී සිටීමේ කාලය එළඹ ඇත. අවුරුදු 30 ක කාලයක් තිස්සේ පැවති කුරිරු යුද්ධයෙන් අප දැන් නිදහස ලබා තිඛෙන අතර රජය මහා සංවර්ධන ව්‍යාපාර ඒ හා සමගාමීව අරඹා ඇත.
මෙවැනි යහපත් කි‍්‍රයාවන් නොමග යවන සුලූ කථා පතුරාවන්නන් විසින් අගය කල යුතු අතර මෙවැනි දුෂිත කථා හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ අනන්‍යතාවයට බරපතල හානි සිදු වන අතර රට අස්ථායි වීමේ ප‍්‍රවනතාවද ෙමි තුල රැඳී පවතී. මෙවැනි කි‍්‍රයා මුලූමනින්ම හෙලා දකින අතර මෙම නොමග යවන සුලූ පිරිසගෙන් මා ඉල්ලා සිටින්නේ මෙවැනි නින්දිත චර්යා වලින් වැලකී සිටින ලෙසයි.
ශී‍්‍ර ලංකාවේ සිටින නිරවද්‍යතාව අපේක්‍ෂා කරන්නන් මා විසින් ප‍්‍රකාශ කල හැගීම සඳහා රාව ප‍්‍රතිරාව දක්වනු බව මාගේ ඒකායන විශ්වාසයයි.
වජිර කොඩිතුවක්කු
11:35 PM
Unknown

4 comments:
ඈ මන් එහෙම කොලාද?
දුමියාගෙන්වත් අහන්න ඕනේ...
සමහර විට ෂොට් එකක් දාලා ඉන්න ඇත්තේ
ඔව් ඔයා එහෙම කලේ නෑ
ඔයා කලේ ඊට හපන් ඒවා
මෙතන බබා වෙන්න යනවා
Ane ow.. Oye Kurane eheme mokowath kiyala ne..Harime arinsaka pothak.. nenene..
Etakota Ara tambiya ... BUduhamuduruwo Minimas keva kiyyanne ... ea karana apahasayata mokadsa Ballo Karanne ......
Post a Comment