හරීන් ප්‍රනාන්දුට එජාපයෙන් විනය පරීක්ෂණ. ~ niruwatha

Friday, April 11, 2014

හරීන් ප්‍රනාන්දුට එජාපයෙන් විනය පරීක්ෂණ.

එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්‍ෂය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.  එජාප නායකත්ව මණ්ඩලය අච්චාරුවක් බව පවසමින් පසුගියදා දෙරන නාළිකාවේ 360  රූපවාහිනී වැඩසටහනේදී එය විවේචනය කිරීම මීට හේතු වී තිබේ.  හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා අදාළ වැඩසටහන අවසන් කර පිටතට පැමිණෙන විටම එජාප මාධ්‍ය අංශ ප‍්‍රධානී ක‍්‍රිශාන්ත කුරේ විසින් දුරකතනයෙන් කතාකර එම විවේචනය සම්බන්ධයෙන් විනය  පරීක්ෂණයක් පවත්වන බව පවසා තිබේ.