රටේ පවතින ව්‍යාකූල වාතාවරණය අනුව ඉතා ඉවසීමෙන් හා සිහිබුද්ධියෙන් කටයුතු කරන්නැයි ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විවිධ සංවිධාන විසින් මේ දිනවල මුස්ලිම් ජනතාවට එරෙහිව නඟන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා හා තෛ‍්‍රනිකායික මහානාහිමිවරුන් හමුවී සාකච්ඡා කිරීමට තීරණය කොට ඇත.
එමෙන්ම එළැඹෙන සිකුරාදා ජමුෂා වන්දනයෙන් පසු රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය යහපත් අතට පත්කරන ලෙසත් ජන කොටස් අතර සුහදත්වය නැවත ඇති කරන ලෙසත් ඉල්ලමින් විශේෂ ප්‍රාර්ථනා සිදුකිරීමටද එම සංවිධානය තීරණය කොට ඇත. මෙරට ජීවත්වන අනෙකුත් ජන කොටස් හා අනේයාන්‍ය සහ සමීපයෙන් ඇසුරු කරමින් වාසය කරන ලාංකික මුස්ලිම් ජනයා සාමය හා එකමුතු බවට කවදත් මුල්තැන දෙමින් කටයුතු කරන සාමකාමී ජන කොටසක් බව කවුරුත් පිළිගන්නා ඓතිහාසික සත්‍යයක් බව කියන එම සංවිධානය ලාංකික මුස්ලිම්වරුන් වන සියලුදෙනා අත්පත් කොට ගෙන තිබෙන එම යහපත් නාමය නොකඩවා රඳවා ගතයුතු බවද මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියි.
අන් ආගමිකයකුගේ ඇදහීමක් විවේචනය කිරීමට මුස්ලිම්වරුන්ට අනුමතයක් නොමැති බවත් සහජීවනයෙන් කටයුතු කළ යුතුය යන්න ශුද්ධ කුරානයේ සඳහන් බවත් සමස්ත ලංකා ජයමිතුල් උලමා සංවිධානය පෙන්වා දෙයි.
එසේ වුවද මුස්ලිම්වරුන් සිය දිවිහිමියෙන් ගරු කරන ශුද්ධ කුරානයට අපහාස කරන ආකාරයෙන් මෑත කාලයක පටන් බොදු බල සේනා ප්‍රධානීන් සහ එහි සාමාජිකයන් අසත්‍ය චෝදනා නඟමින් හා වැරැදි අර්ථකථන දෙමින් ප්‍රසිද්ධියේ බැනවැදීම නිසා ලාංකික මුස්ලිම් ජනතාව ඉමහත් සංවේගයට පත්ව ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
9:52 PM
Unknown

Posted in:
1 comments:
Atakota muslim waru budu hamuduruwanta apahasa karapu aka hari kiyalada oyala kiyanne. Ane Ulamo. umbala issarawela umbalage unwa hada ganin. Unta kiyala deepan sahayogen inna kiyala. Ape rata , jathiya , agama winasa krana akat nawattanna kiyapan.
Post a Comment