පොලිස් නිලධාරින්ද ඉදිරිපිට දි මෙබඳු බලහත්කාරි හැසිරිමක් ප්‍රදර්ශනය කරන්නට යම් සංවිධානයකට හෝ පුද්ගලයෙකුට හැකිවීම තුළින් නොසඟවා ප්‍රකට කෙරෙන්නේ ඊට ලැඛෙන ආණ්ඩුවේ අනුග්‍රහය මිස වෙනකක් නොවන බවත්, එබැවින් ප්‍රජාතන්ත්‍ර විරෝධි සහ ජාතික අසමගියට තුඩු දෙන මෙබඳ හිතුවක්කාරි හැසිරිම් වළක්වාලිමට ආණ්ඩුව වහා පියවර ගතයුතු බවත් එම පක්ෂය වැඩිදුරටත් පවසයි.
ජාතික සමගිය පිළිබඳ කතිකාවතක් ඉස්මතු කළ යුතු මොහොතක, ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජාතිකත්වයන් හා ආගම් අනුව තව තවත් එකිනෙකාගෙන් ඈත් කරවන මෙබඳු හැසිරිම් සිය පක්ෂය දැඩිව හෙළා දකින බව ද ජවිපෙ දේශපාලන මණ්ඩලය පවසයි.
එම අදහස්වලට යම් කෙනෙකු හෝ සංවිධානයක් එකඟ නොවන්නේ නම්, කළ යුතුව තිඛෙන්නේ තමන්ට කීමට ඇති දේ, එසේම රටට කියා සිටිමයි.එසේ නොකර බලහත්කාරය පාවිච්චි කරමින් මාධ්‍ය හමුවලට කඩා වැදි එය නතර කළ බොදු බල සේනා සංවිධානය ලබා දි ඇත්තේ වැරැදි පූර්වාදර්ශයක් යැයි ජවිපෙ දේශපාලන මණ්ඩලය සඳහන් කර සිටි.
රටට ප්‍රකාශ කිරිමේ අයිතියක් ඇති බවත්, එය ව්‍යවස්ථාව මගින් ද පිළිගනු ලැබ ඇති අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට අයත් කරුණක් බවත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
පද්මිණි මාතරගේ