කනා මුට්ටිය කියලා හිතලා ඔලුවට ගහලා. ~ niruwatha

Friday, April 11, 2014

කනා මුට්ටිය කියලා හිතලා ඔලුවට ගහලා.

අලූත් අවුරුදු උත්සවයක කනා මුට්ටිය බිඳීමේ තරගයකදී මුට්ටියකට එල්ල කළ පොලූ පහරක් අසල සිටි ළමයෙකුගේ හිසෙහි වැදීමත් සමග දරුවාගේ ඥාතීන් සහ සංවිධායකයන් අතර ගැටුමක් ඇතිවීමේ පුවතක් අකුරැස්ස - අතුරලිය ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. පෞද්ගලික උපකාරක පන්තියක් මගින් ඊයේ (10) සංවිධාන කළ අවුරුදු උත්සවයක කනා මුට්ටිය බිඳීමේ තරගයකදී මෙලෙස තුවාල ලබා ඇත්තේ 12 හැවිරිදි ළමයෙක්. සිද්ධියෙන් තුවාල ලැබූ ළමයා කරාපිටිය රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත්, ළමයා තුවාල ලැබීම නිසා කෝපයට පත් ඥාතීන් තරග සංවිධායකයන්ට පහරදී ඇති අතර, අනතුරුව අවුරුදු උත්සවය නතර කර දැමීමට සංවිධායකයින් පියවර ගෙන තිඛෙනවා.