ෆේස්බුක් හරහා කළ වකුගඩු ජාවාරමක තතු හෙළි වෙයි ~ niruwatha

Friday, April 18, 2014

ෆේස්බුක් හරහා කළ වකුගඩු ජාවාරමක තතු හෙළි වෙයි

ෆෙස්බුක් මඟින් සිදු කෙරෙන මහා වකුගඩු ජාවාරමක තොරතුරු ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිසිය මඟින් අනාවරණය කැර ගෙන තිබේ. අන්තර් ජාලයේ නිතර සැරි සැරූ දිනේෂ් මන්ෂූ නැමති අවුරුදු 26 ඉන්දියන් ජාතිකයකු කොළඹදී හදි‍සියේ මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී මෙම ජාවාරමේ තොරතුරු හයිද්‍රාභාද් පොලිසිය තහවුරු කැර ගෙන ඇත.

මෙම මියගිය දිනේෂ් නැමැති තරුණයා සමග පසුගිය මාර්තු 22 වැනිදා කොළඹට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙක් කොළඹදී වකුගඩුවක් බද්ධකරගත් බවටද තොරතුරු අනාවරණය වි තිබේ.

ඊමේල් හා ෆෙස්බුක් හරහා මියගිය දිනේෂ් සමග පිළිසදරේ යෙදී ඇති ඉන්දියාවේ එන්.වී.කිඩ්නි නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටි පුද්ගලයා දිනේෂ්ට කොළඹ රැකියාවක් ලබාදෙන බවට පවසමින් ඔහුගේ ජාතික හැදුනුම්පතේ හා විදේශ ගමන් බලපත්‍රයේ පිටපත් ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය කැර ගෙන ඇත.

එන්.වී.කිඩ්නි නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටි පුද්ගලයා වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ඇතිබවත් , එක් වකුගඩුවක් පරිත්‍යාග කිරීමෙන් ජීවිතයට කිසිදු බලපෑමක් නොවන බවත් , එමගින් ලක්ෂ ගණනක ආදායමක් ඉපයිය හැකිබවත් අන්තර්ජාලයේ දැන්වීම් පවා පළ කළ පුද්ගලයෙකි.

මෙම ජාවාරමට පුද්ගලයන් විශාල පිරිසකගෙන් වකුගඩු ලබා ගෙන ඇති බවත් , මෙම ජාවාරම ලංකාවේ රුකියා ලබාදෙන මුවාවෙන් ලංකාවට පැමිණ සිදු කැර ඇත්තේ මෙහි රහස්‍යභාවට තවදුරටත් රැක ගැනීම සදහාත් බව සිදු කෙරුණ පරීක්ෂණ වලදී හෙළිවී ඇත.

හයිද්‍රාභාද් පොලිසිය මේ ජාවාර‍ම් කරු සමග අන්තර්ජාලයේ පිළිසදරේ යෙදී ඇති පුද්ගලයන් හා ඔහුට සම්බන්ධ පුද්ගලයන් පිළිබද පුළුල් පරීක්ෂණයක් සිදුකරමින් සියළු තොරතුරු අනාවරණය කැර ගැනීමට කටයුතු කරමින් සිටි.

නිරූෂි විමලවීර - රක්ෂණ ශ්‍රියන්ත

0 comments:

Post a Comment