පාකිස්තානුවන් රහසේ ගෙන්වා මෙරට පදිංචි කරන සැලැස්මක් හෙළිවේ. ~ niruwatha

Friday, April 18, 2014

පාකිස්තානුවන් රහසේ ගෙන්වා මෙරට පදිංචි කරන සැලැස්මක් හෙළිවේ.

පාකිස්තාන් ජාතිකයන් රහසිගතව මෙරටට ගෙන්වා රටේ ඇතැම් ප්‍රදේශවල පදිංචි කරවීමේ රහස් වැඩපිළිවෙළක් ඇතැයි මීගමුව ප්‍රදේශයෙන් අනාවරණය වී තිබේ.
මීගමුව ප්‍රදේශයේ නිවාස ගණනාවක නතරවී සිටි එවැනි පාකිස්තානුවන් දහඅටදෙනකු උණ රෝගය වැලඳී ප්‍රතිකාර පිණිස පසුගිය වසරේදී මීගමුව මූලික රෝහලට ගෙන ඒමෙන් පසු ඔවුන් මැලේරියා රෝගීන් බවත්  ශ්‍රී  ලංකාවට පැමිණෙන විට එම රෝගය බෝවී තිබූ බවත් ඔවුන්ගෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා තොරතුරු ලබා ගැනීමේදී දානගත හැකිවූ බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.

මේ වසරේදී එවැනි මැලේරියා රෝගීන් තිදෙනෙක් මේ වනවිට මීගමුව රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර ඔවුන් අතරින් හමුවූ රෝගියෙක් අවුරුදු දෙකහමාරක දරුවකු බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සිංහල වචනයක් හෝ දැන නොසිටීම හා වැඩිපුර තොරතුරු කියන්නට නොහැකිවීමත් නිසා සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ඔවුන්ගේ පසුබිම ගැන විමසීමේදී ශ්‍රී  ලංකාවට පැමිනීමේ හේතු දක්වා ඇතැයි ආරංචි මාර්ගවලින් හෙළි වෙයි.

එක්තරා ආගමික මධ්‍යස්ථානයක් මඟින් මොවුන් මෙරටට ගෙන්වා ඇති බවත් පාකිස්තානයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ඔවුන් ශ්‍රී  ලංකාවට ගෙන්වා පදිංචි කරවන බවත් එතෙක් මීගමුව ප්‍රදේශයේ නිවාසවල නතර කරන බවත් තොරතුරු ලබා ගැනීමේදී දැනගන්නට හැකිවී ඇතැයිද සෞඛ්‍ය ආරංචි මාර්ග කියයි.

ශ්‍රී  ලංකාවේ මැලේරියා රෝගය නොමැති වුවත් මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් අතරින් එම රෝගීන් සොයා ගැනෙන බවත් මේ ආකාරයට රහසිගතව විදේශිකයන් මෙහි ගෙන්වීම නිසා ශ්‍රී  ලංකාවට යළිත් මැලේරියා රෝගය බෝවීමේ අනතුරක් තිඛෙන බවත් එම ආරංචි මාර්ග පවසයි.  

1 comments:

Anonymous said...

hamba pakai geenne hakeem pakai, pawsi pakai ekathu welaa

Post a Comment