අමු මස් මාළු පත්තර වල ඔතන්න එපා ~ niruwatha

Saturday, April 26, 2014

අමු මස් මාළු පත්තර වල ඔතන්න එපා

පත්තර කඩදාසිවල ඔතන ලද අමු මස් හෝ මාළු මිලදී නොගන්නා ලෙස විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.
මස් හෝ මාළු වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමේදී ඒවා පත්තර පිටුවල ඔතා දීමෙන් එහි ඇති තීන්ත මස් හෝ මාළුවල තැන්පත් වී ශරීර ගත වේ. මස්,මාලු කොතරම් සේදුවත් ඒවායේ තැන්පත් වන ඝන ලෝහ වර්ග ඉවත් නොවන බව වරුණ ගුණතිලක මහතා පවසයි. පත්තර පිටු මුද්‍රණය වන තීන්තවල ලෝහ අන්තර්ගතව තිබෙන බැවින් ඒවා ශරීරගත වීමෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට විශාල හානි සිදු කරන බවද  හෙතෙම පැවසීය.
මේ වන විට රට පුරා පිළිකාව, වකුගඩු රෝග, හෘද රෝග, ඇතුළු බෝ නොවන රෝග සීග්‍රයෙන් ඉහළ යමින් පැවතීමට හේතුවන සාදකයන් අතරට මෙයද එක් හේතුවක් බව විය හැකි බවද වෛද්‍ය ගුණතිලක මහතා පෙන්වා දේ.
       

0 comments:

Post a Comment