ගැටලුවලට විසඳුම් සොයා දෙමළ සහ මුස්ලිම් ජනතාව ඒකාබද්ධ කර සංවිධානයක් පිහිටුවීම සඳහා උතුරේ ආගමික නායකයින් තීරණය කර ඇත.මේ පිළිබඳ සාකච්ඡාවක් 23දා මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පියතුමාගේ නිවසේදී පවත්වා ඇත. මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාතේ මඑජිරසුල් උලමා සභාවේ නායක මෞලවි මුසුරස් ඇතුළු මුස්ලිම් ආගමික නායකයන් රැසක් ද සහභාගි වී තිබේ. උතුරු පළාතේ ජීවත් වන දෙමළ සහ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු අතරින් නැවත පදිංචි කිරීම, ඉඩම් අහිමිවීම ඇතුළු ගැටලු මෙහිදී සාකච්ඡා කර ඇතත් දෙමළ දේශපාලකයන් කිසිවෙකුත් සහභාගි වී නැත.
මෙම ජනකොටස් අතර සමගිය ඇති කිරීමේ අරමුණින් පිහිටුවන්නක් බවත් තමා ඒ වෙනුවෙන් පෙරමුණ ගන්නා බවත් මන්නාරම අගරදගුරු රාසප්පු ජෝසප් පියතුමා මෙම සාකච්ඡාවේදී පවසා ඇත.
8:43 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment