දැනට පවත්වාගෙන යන සහ ආරම්භ කිරීමට නියමිත යැයි වාර්තා වන සූදු මධ්‍යස්ථාන දෙකට විරෝධය පළ කරමින් මීට පෙර අවස්ථා කිහිපයකදී කැකිරාවේ ප‍්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වුණේ මෙම රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන වසා දමන ලෙස පවසමින්ය එසේම තිලංග සුමතිපාලට අයත් යැයි කියන රේස් බයි රේස් සූදු මධ්‍යස්ථානයට එරෙහිව කැකිරාව ශාන්ත ෆ‍්‍රැන්සිස් දෙව්මැදුරේ පියතුමන් ද මහා සංඝරත්නය සමග එක්ව විරෝධය පළ කිරීම විශේෂත්වයක්.
පසුව ඔවුන් කැකිරාව ප‍්‍රාදේශීය ලේකම්වරයාට සහ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මෙන්ම කැකිරාව ප‍්‍රාදේශීය සංවර්ධන රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක වෙත ද මේ සම්බන්ධයෙන් සංදේශයක් භාර දුන්නහ ඊයේ කැකිරාවේ ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා මෙම රේස් බයි රේස් සූදු මධ්‍යස්ථානය වසා දමන ලෙස පවසමින් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්ගඑම්ග රංජිත් වෙත ද සංදේශයක් භාරදීමට කටයුතු කළහ එහිදී කැකිරාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කොස්ගොල්ලේ රතන හිමියන් සඳහන් කළේ තිලංග සුමතිපාලට අයත් බවට ප‍්‍රදේශවාසීන් පවසන රේස් බයි රේස් මධ්‍යස්ථානයෙන් සමාජයට විශාල හානියක් සිදුවන බවයිග
එය පිළිගත් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා එම සූදු මධ්‍යස්ථානය නැවැත්වීමට තමන් පියවර ගන්නා බව අවධාරණය කළාග එම මොහොතේදීම උතුරුමැද පළාත් මහ ඇමති එස් එම් රංජිත් පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන දුරකථනයෙන් අමතා ඊට අදාළ උපදෙස් ලබා දුන්නාහ