පස් දෙනෙකුට මරු කැඳ වූ කතරගම රිය අනතුරෙන් දිවි බේරාගත් දරුවා කියන කතාව (VIDEO) ~ niruwatha

Saturday, April 19, 2014

පස් දෙනෙකුට මරු කැඳ වූ කතරගම රිය අනතුරෙන් දිවි බේරාගත් දරුවා කියන කතාව (VIDEO)

ඊයේ උදෑසන 5ට පමණ විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් කතරගම, දෙටගමුව වැවට පෙරළීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, මිය ගිය අය අතර දැරියක ඇතුළු කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 2 දෙනෙකු වන බව ය.
රියදුරුට නින්ද යාම හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇතැයි සැක කරන බව පොලිසිය පවසයි.
අනතුරින් අවුරුදු 9 ක පිරිමි දරුවෙකු දිවි බේරාගෙන තිබේ.
දියට වැටී දිවි බේරාගත් දරුවා, වැවෙන් ගොඩට පැමිණ මීටර 500 ක් පමණ ඇතින් පිහිටි නවාතැන්පොළකට ගොස් අනතුර පිළිබඳව එහි සිටි අය දැනුවත් කර තිබුණා.
අදාළ දරුවා රිය අනතුර පිළිබඳ දැක්වූ අදහස පහත වීඩියෝවේ දැක්වේ.


0 comments:

Post a Comment