පුද්ගලයින් 2100කත මාරු කැඳවූ ඇෆ්ගනිස්තානයේ නාය යාම (Video) ~ niruwatha

Saturday, May 3, 2014

පුද්ගලයින් 2100කත මාරු කැඳවූ ඇෆ්ගනිස්තානයේ නාය යාම (Video)

ඇෆ්ගනිස්තානයේ බදක්ශාන් ප්‍රාන්තයේ සිදු වූ නායයාමකින් මේ වන විට පුද්ගලයන් 2100 කට අධික සංක්‍යාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.පසුගිය මැයි 2 වැනිදා සිදුවූ මෙම නායයාමෙන් තවත් විශාල පිරිසක් අතුරුදහන්ව තිබෙනවා .බදක්ශාන් ප්‍රාන්තයට බලපෑ ඇති අධික වැසි වහිත කාලගුණය මෙම නායයාමට හේතු වී තිබෙනවා.

නාය යාමට ලක් වූ බදක්ශාන් ප්‍රාන්තයේ හින්දු කුෂ ගම්මානය ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට කිලෝමීටර් 36ක් දුරින් ඊසාන දෙසට වන්නට පිහිටා තිබෙනවා.පාකිස්තානය,තජිකිස්ථානය සහ චීනයට මායිම්ව පිහිටි මෙය කඳු වලින් ගහන ඉතා දුෂ්කර ගම්මානයක්
නාය යාම් වලින් විපතට පත්ව ඇත්තී එම කඳු ආශ්‍රිතව ජීවත් වූ ජනතාවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඇතැම් ස්‌ථාන වල මීටර 60 කටත් වඩා උසින් ම තට්ටු කඩා වැටී ඇති අයුරු දක්නට ලැබෙන බවයි.
මඩ තට්ටු වල සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයට ලන්ගාවීමේ මාර්ග පහසුකම් නොමැති,සහන සේවා කටයුතු වලට එල්ල කර ඇත්තේ දැඩි බාධාවක්
මේ වන විට එම ප්‍රදේශයට ගොස් සිටින එක්සත් ජාතීන්ගේ සහන සේවා කණ්ඩායම් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අවතැන් වුවන් 4000ක් පමණ තාවකාලික කඳවුරු වලට යොමු කර තිබෙනවා.

ඉතා දිලිදු ජීවිතයක් ගත කරන බදක්ශාන් ප්‍රදේශ වාසීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ නීති විරෝදී ලෙස කරගෙන යන අබින් හා කන්සා වගාවන්.

ලොව මාතෘ මරණ අනුපාතය අතින්ද මෙම ප්‍රදේශය ඉතා ඉහල අගයක් ගන්නා බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තා වල සඳහන්.


0 comments:

Post a Comment