අන්තරේ සංජීව බණ්ඩාර යතුරු පැදියක් උස්සන්න ගොස් ගුටි කයි ~ niruwatha

Sunday, May 4, 2014

අන්තරේ සංජීව බණ්ඩාර යතුරු පැදියක් උස්සන්න ගොස් ගුටි කයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු වන සංජීව බංඩාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට අයත් යතුරු පැදියක් නොදන්වා රැගෙන ධාවනය කිරීමනිසා කුපිතවූ සිසුන් කිහිප දෙනෙක්ඔහුට ඉරිදා(04) පෙරවරුවේ පහරදී ඇතැයි පැවැසේ

ඒ අවස්ථාවේදී විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුලසේනාරත්න මහතා ඒ අසලින් සියමොටර් රථය පදවා ගොස් ඇති අතර සිද්ධිය දැක කැදවුම්කාර සිසුවා බේරාගෙන සිද්ධිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශය වෙත දන්වා තිබේආරක්ෂක අංශය අදාල සිද්ධි සටහන් කොටපරීක්ෂණයක් පවත්වන අතර එහි වාර්තාව සඳුදා(05) උපකුලපතිවරයා වෙත භාර දීමට නියමිතය

මේ පිළිබදව අන්තර් විශ්ව විද්‍යාලයේ හිටපු කැදවුම්කාර සංජීව බණ්ඩාරමහතාගෙන් කළ විමසීමේදී ඔහු සදහන් කළේ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යාම සදහා විශ්ව විද්‍යාලයේ මිතුරෙකුගෙන් යතුරු පැදියක් ඉල්ලා සිටි බවත් ඔහු එහිදී තමාට අදාල යතුරු පැදියේ යතුර ලබා දුන් බවත්යනවතා තිබූ යතුරු පැදිවලට එම යතුර දමාබලන විට යතුරු පැදිය පණ ගැන්වුන බවත් එය රැගෙන රෝහල වෙත ගිය බවත් ඔහු කීය


තමා රැගෙන ගොස් තිබුණේ මිතුරාගේ යතුරු පැදිය නොවන බව දුටුවේ සිය කාර්යය නිම කොට යළි පැමිණෙන විට සිසුන් කිහිප දෙනෙකු යතුරුපැදිය නතර කළ විට බව කී සංජීව බංඩාර එහිදී තමාට පහරදීමක් සිදු නොවූ බව දඅත්වැරදීමක් නිසා සිද්ධිය සමථයකට පත් කර ගැනීමට සිසුන් එකඟවූ බව ද කීය.

0 comments:

Post a Comment