හිරුනිකා සතියට දවස් කීයක් විතර ක්ලබ් යනවද?
මගේ ජීවිතේට ගිහිල්ලා නෑ.
එතකොට එස්ඩෝර් රාත්‍රී සමාජ ශාලාවේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී තුමාගේ සිද්ධිය?
එක තමයි මම මේ පලවෙනි වතාවට ක්ලබ් ගියේ.හරීන් මගේ හොද යාලුවෙක් විතරයි.එච්චරයි.
ඇත්තමනේ ඔය කියන්නේ?
ලංකාවේ ඕනෙම කෙනෙකුගෙන් අහන්න.මම ඔය කොහෙවත් ක්ලබ් එකක දැකලා තියෙනවද කියලා.මම ජීවිතේට ක්ලබින් ගියපු කෙල්ලෙක් නෙවෙයි.
එතකොට මේක?
මෙහෙමයි මගේ යාළුවො ටිකක් එක්ක ඔතනට කන්න ගියේ ඊට පස්සේ එතැනට මන්ත්‍රී තුමා ආවා.
වටේ හිටපු කට්ටිය නම් කියන්නේ දෙන්න හොදට ලං වෙලා රහස් කෙඳිරුව කියලා.
මම ඒ ගැන කිසිම දෙයක් කියන්න බැහැ.එතන සද්දෙට සින්දු තිබුන හින්දා ලඟට වෙලා කතා කර කර හිටියා.
මොනවද ඔච්චර කතා කලේ?
විශේෂයක් නැහැ අපි විපක්ෂයේ හිටියට හොඳ යාළුවො.
ඕක හුගක් පරණ යාලු කමක්ද?
තාත්තා නැති උන දවසේ ඉදලා මන්ත්‍රී තුමා මම වෙනුවෙන් හුගක් කතා කළා ඒ කාලේ ඉදන් අපි හොද යාළුවො.
එක පාරටම හරීන් ඔතනට ආවේ කොහොමද?
එක විශේෂයක් නැහැ
මම අහන්නේ කොලබ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්ත හිරුනිකයි ඌව පළාතේ මහා ඇමති කමට එන්න හදන හරීනුයි නිකම්ම වල්-පල් කතා කළා වෙන්නත් බැහැනේ?
මට විපක්ෂයේ යාළුවො ගොඩක් ඉන්නවා.උදාර රත්නායක,කාවින්ද ජයවර්ධන වගේ අපි එක ඉස්කෝල වලට ගියේ හිටියේ එක ළඟ ඉතින් අපි හම්බ උනාම දේශපාලනය ගැනම කතා කරන්න ඕනෙද?
මන්ත්‍රී තුමිය හැමදාම කන්න ක්ලබ් වලට යනවද?
අපෝ නෑ
මේක පුදුම හමුවීමක් නේද?
ඔව් එහෙම කියන්නත් පුළුවන් මම ගියේ වෙනම එයා ආවෙත් වෙනම.
සාමාන්‍යයෙන් හිරුනිකා අරක්කු බොනවද?
නෑ නෑ
ඔබව ඇසුරු කරන සමහරු එහෙම කියනවනේ?
ඒක ඉතින් ඒ අයගෙන් තමයි අහන්න ඕනේ.
8:47 PM
Unknown

Posted in:
1 comments:
mahindayi raniluyi copi bonawa
dayayi gotayi payment hadanna gal kpanawa
e athare hirunikayi harinuti club asse ronde gahanawa
Post a Comment