බොකෝ හරාම් අන්තවාදීන් නයිජීරියානු සිසුවියන්ගේ වීඩියෝවක් නිකුත් කරයි.(Video) ~ niruwatha

Monday, May 12, 2014

බොකෝ හරාම් අන්තවාදීන් නයිජීරියානු සිසුවියන්ගේ වීඩියෝවක් නිකුත් කරයි.(Video)

නයිජීරියාවේ බෝකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායම විසින් පසුගිය අප්‍රේල් මස 14 වන දා පැහැර ගන්නා ලද පාසල් සිසුවියන් දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් කර තිබේ.
එහි අදාළ සිසුවියන් 100 දෙනෙකු පමණ පෙනී සිටින අතර ඔවුන් මුස්ලිම් ජාතික කාන්තාවන් අඳින හිජාබ් ඇඳුම් ඇඳ සිටී.
බෝකෝ හරාම් නායක අබුබාකර් ‍ෂෙකායු පවසා ඇත්තේ, සිර භාරයේ සිටින සිය කණ්ඩායමේ සාමාජිකයින් සියලු දෙනා නිදහස් කරන තුරු මෙම සිසුවියන් නිදහස් නොකරන බව ය.
මෙම පැහැර ගැනීම ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
එම වීඩියෝව - http://news.sky.com/story/1259821/boko-haram-video-claims-to-show-missing-girls

0 comments:

Post a Comment