ජනප්‍රියත්වයේ ඉහළටම ගිය කාජල්, විවාහ වී දරුවන් ලැබූවත් තවමත් බොලිවුඩ්පුරය අමතක කර නැහැ. මෑතකදී ඇය ‘ශක්තිමත් මව’ ලෙසින් සම්මානයකින් ද පිදුම් ලැබුවා. කාජල් ගේ රූ සපුවෙන් තවමත් තාරුණ්‍යය ගිලිහී ගොස් නැහැ. ඇය දැන් පෙරටත් වඩා පැහැපත් බවයි බොහෝ දෙනා පවසන්නේ. මෙහි රහස කුමක්දැයි හැමෝම ප්‍රශ්න කරනවා.
බොලිවුඩයෙන් ලැබෙන ආරංචිවලින් නම් කියවෙන්නේ යොවුන් වියේ පටන්ම තලඑළලු පැහැයෙන් සිටි කාජල් මේ වන විට රන්වන් පැහැයෙන් දිදුලන්නේ එක්තරා ශල්‍යකර්මයක් සිදුකර ගත් නිසා බවයි. ඇගේ සමීපතම මිතුරු මිතුරියන් පවසන්නේ සමෙහි වර්ණය පැහැපත් කරන ශල්‍යකර්මයක් කාජල් සිදුකරගෙන කියලයි.
මෙවැනි ශල්‍යකර්ම බොලිවුඩ්පුරයේ හැඩකාර නිළි පරපුරේ සමහරුන්ට නම් අලුත් කාරණා නොවෙයි. මේ වන විට නම් දරා සිටින සුපිරි තරු රැසක්ම සමෙහි වර්ණය වෙනස් කරගන්නට මෙවැනි සැත්කම් සිදුකරගෙන තිබෙනවාලු. ඒ හේතුවෙන් තමයි, මීට වසර කිහිපයකට පෙර දුටුවාට වඩා එවැනි බොලිවුඩ් රුවැත්තියන් පැහැපත් වී සිටින්නේ. (පැහැපත්වී සිටින හැම නිළියක්ම මේ සැත්කම සිදු කරගෙන ඇතැයි මෙයින් හැඟවෙන්නෙ නැහැ!)
කොහොම වෙතත්, මේ වන විට 39 වැනි වියෙහි පසුවන කාජල් ගේ ලස්සන තව තවත් වැඩි නිසා වෙන්න ඇති, අලුත්ම රූපවාහිනී වෙෙළඳ දැන්වීම් කිහිපයකටම ඇගේ රංගන යොදාගෙන ඇත්තේ.
9:15 PM
Unknown

0 comments:
Post a Comment