කරාතේ සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා කරාතේ පංතියක් වෙත පැමිණි 14 හැවිරිදි සිසුවකු ලිංගික ක්‍රියාවලියකට යොමු කොට සිසුවාගේ සිත සටන් කලාවෙන් ඉවත් කොට කාම කලාවට යොමු කළ බව කියන 47 හැවිරිදි අවිවාහක ග්‍රාම නිලධාරිනියකට සහ කළුපටි ධාරි 49 හැවිරිදි විවාහක ග්‍රාම නිලධාරිවරයකුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා එම ග්‍රාම නිලධාරි යුවළ මැයි මස 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ 9 වැනිදා නියෝග කළේය.
තෙවැනි වරටත් ඇප ප්‍රතික්ෂේප වූ සැකකරුවන්ට එරෙහිව එල්ල වූ චෝදනා වූයේ බාලවයස්කාර සිසුවකු පුරා වසර දෙකක් තිස්සේ ලිංගික ක්‍රියාවලියට යොදවා ගැනීම සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිසුවාට සහ ඔහුගේ දෙමාපියන්ට මර”ය තර්ජන එල්ල කිරීමය. සිද්ධියට අදාළ ග්‍රාම නිලධාරි යුවළ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන්ය. ඔවුන් සීදුව මුහවාඩිය සහ කසගහවත්ත යන ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති.
මෙම සිද්ධියට අදාළ සිසුවා කරාතේ උපදේශකවරයකු වූ කළුපටිධාරි ග්‍රාම නිලධාරිවරයා වෙත පැමිණ ඇත්තේ මෙම සිද්ධියට වසර 05 කට පමණ පෙර කුඩා අවධියේදීය. ඔහුගේ වයස අවුරුදු 14 වන විට සිසුවා දක්ෂ කළුපටිධාරියෙකි. ඒ වන විට ග්‍රාම නිලධාරි කරාතේ ගුරුතුමා සිසුවා කෙරෙහි දැඩි ගිජුකමක් දක්වා ඇත. පසුව ඔහු එම සිසුවා ඔහුගේ කරාතේ පංතිය පවත්වන ස්ථානයට නුදුරින් පදිංචි අවිවාහක ග්‍රාම නිලධාරිනියගේ නිවසේ උඩු මහලට කැඳවා ගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කර ඇත. ටික කලක් ගතවෙත්ම අවිවාහක ග්‍රාම නිලධාරිනිය තම ආශාවන් සන්තර්පනය කර ගැනීම සඳහා සිසුවා තමා වෙත යොමු කරන ලෙස කරාතේ උපදේශක ග්‍රාම නිලධාරියාගෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම එසේම ඉටුවිය. ඉන් අනතුරුව එම ග්‍රාම නිලධාරි යුවළ පුරා වසර දෙකක් හවුලේ ග්‍රාම නිලධාරිනියගේ නිවසේ දී සිසුවා ලිංගික අපචාර ක්‍රියාවලියකට ලක්කොට ඇත.
කල්ගත වෙත්ම සිසුවාට ග්‍රාම නිලධාරිනියගේ ඉල්ලුම වැඩිවීම නිසා සිසුවාට බලවත් මානසික පීඩාවකට ලක්ව රෝගාතුර වී ඇත. පසුව සිසුවාගේ මව ඔහු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ඇත. සිසුවා එහිදී මෝහනයකට ලක් කළ අවස්ථාවේ සිසුවා එම කාම පුවත එළි දක්වා ඇත. වහා ක්‍රියාත්මක වූ සිසුවාගේ දෙමාපියන් එම අපචාර ක්‍රියාව පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කොට තිබේ. ඒ අනුව ඔවුන් සීදුව පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සීදුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.ආර්. එම්. එස්. සී. රණසිංහ මහතා සිද්ධියේ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බව අධිකරණයට වාර්තා කළේය. විත්තිය වෙනුවෙන් නීතිඥ අතුල ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලීන් විලියම් යන මහත්වරුන් පෙනී සිටියහ.
11:33 PM
Unknown
1 comments:
Mewa wadipura paththarawala liweemen, samanya dewal bawata pathwe.
Post a Comment