දක්ෂම ඇමති බුද්ධ සාෂණයට.
එතැනදී ප්‍රධානම දේ තමා ආගමික කටයුතු අමාත්‍යංශය ප්‍රතිසංවිධානය කිරීම.මන් හිතනවා මේ රටේ ආර්ථිකයට , දේශපාලනයට, ආගමට ,සදාචාරයට බලපාන ප්‍රධානම වගකිවයුතු ආයතනය බවට පත් විය යුත්තේ මේ බුද්ධශාසන හා ආගමික අමාත්‍යාංශයයි.ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් මේ වැඩපිළිවල සංවිධානය කරන්න ඕනේ.මේ අමාත්‍යාංශයෙන්. මගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු අතර ඉතාම ප්‍රභල, ඉතාම දක්ෂ, ඉතාම කාර්යක්ෂම තරුණ ජීව බලයෙන් යුත් හොඳම ඇමති වරයා පත් කරන්නේ මේ බුද්ධශාසන අමාත්‍යංශයට.අද ඒකේ අනිත් පැත්තනේ වෙලා තියෙන්නේ.
සංඝාධිකරණය වහාම ක්‍රියාත්මකයි.
අනිත් එක භික්ෂුන් වහන්සේ අතර පන නැගී ඇති නොයෙක් විදියේ ආරවුල් තත්වයන් විනය විරෝධී තත්වයන් බරපතල ප්‍රශ්නයක් වෙලා.ලංකා ඉතිහාසයේ බලයට පත් වෙච්ච සෑම බුද්ධිමත්, දූරදර්ශී පාලකයෙක්ම මුලින්ම අත ගැහුවේ භික්ෂු ශාසණයට.එතනින් තමයි ආධ්‍යාත්මික දියුණුව පටන් ගත්තේ.අනෙක් සියල්ල සමග සාපේක්ෂව යන වැඩක් මේක.ඒ නිසා මම ඉතා ඉක්මනින්ම කරන දේ තමා සංඝයා අතර සමගිය විනය ආරක්ෂා කර ගැනීම සඳහා පියවරක් හැටියට සංඝාධිකරණ පනත වහාම සම්මත කරනවා.
මතට Fullstop.
රටේ සදාචාරය සම්බන්ධයෙන් ගත්තොත් මතට තිත වගේ ක්‍රියාත්මක වන නාමික ප්‍රතිපත්ති වහාම අර්ථවත් කරානවා.දැනටත් සතොස වගේ රාජ්‍ය ආයතනතුල මත්පැන් විකුනනන්වා.මතට තිත කියලා කියන ගමන් මතට , නැති විදිහට තමයි ආණ්ඩුව වැඩ කරන්නේ.ඒ නිසා මතට කොමා නොවේ සැබෑම තිත මම තියනවා.රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන්ම තැබෑරුම් නවත්තන්න ඕනේ.මත්පැන් වෙළඳාම සම්බන්දයෙන් දැඩි නීති රීති පනවනවා.ඇබ්බැහි වෙච්ච අයට සීමා සහිත ලෙස මත්පැන් ලබා දීමේ බලපත්‍ර ක්‍රමයක් සකස් කරනවා. අලුතෙන් ඇබ්බැහි වීම සම්පූර්නයෙන්ම නවත්තනවා.
කසිනොත් ඉවරයි.
ඊළඟට ජාත්‍යන්තර කැසිනෝ ව්‍යාපාරය ඇතුළු කොට ඇති ඔය කියන ජාවාරම් කරුවන එන කැසිනෝ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නතර කරනවා.කැසිනෝ ව්‍යාපාරය වැනි සූදු වලට ලංකාවේ කිසිම තැනක අපි ඉඩ තියන්නේ නෑ.ඒක සපුරාම තහනම් කරනවා.
ආගමික පොලිසි තහනම්
ආගමික පිලිසිය සම්පුර්ණයෙන්ම තහනම්.ආගමික පොලිසි කියන්නේ මේ රට අවඥාවට ලක් කරන උපහාසයට ලක් කරන මහා විකාරම විකාර බහුබුතයක්.මේ රටේ ආගමික ගැටුමක් තියෙනවා කියලා ලෝකෙට පෙන්වන ක්‍රමයක්.ඇත්ත වශයෙන්ම ආගම් අතර ගැටුමක් මේ රටේ නෑ.තියෙන්නේ අසාධාරනකම් විතරයි.ලෝකේ හැමතැනම තියෙනවා වගේ ඒවාට අමුතුවෙන් ආගමික පොලිසි අවශ්‍ය නෑ.තියෙන පොලිසි හොදටම ප්‍රමාණවත්.හෙට අනිද්දා වෙද්දී ජනවාර්ගික පොලිසියත් දේශපාලන මැර පොලිසි කියලා එකකුත් පටන් ගන්න වෙයි.කිසිම ව්‍යවස්ථාවකට එකඟ නැති මොකද්ද මෝඩ උපදේශයක් මේ ක්‍රියාත්මක වෙන්නේ.මන් ජනාධිපති උනොත් වහාම ආගමික පොලිසිය කියන එක තහනම් කරනවා.
අගමැතිට කුඩු චෝදනා එල්ල උනොත්?
වහාම ඒ චෝදනා පිලිබන්ධව ඉතාම කෙටි නිරීක්ෂණය කරලා ඒ චෝදනා පිළිබඳව සාධාරණ සැකේට මගේ අගමැති පත් වෙනවා නම් මන් වහාම ඒ අගමැති වරයා ඒ තනතුරෙන් ඉවත් කරනවා.ඉවත් කරලා පරීක්ෂණ ඉදිරියට අපවත්වාගෙන යනවා.යම් ආකාරයකින් මගේ අගමැති හෝ මගේ ඇමති මණ්ඩලය දිගින් දිගටම දුෂණ චෝදනා වලට ලක් වෙනවා නම් වගකීම භාරගෙන මම ඉල්ලා අස් වෙනවා.මොකද ඒ වගේ දුෂිත,මිනීමරු,තක්කඩි ඇමති මණ්ඩලයක් මාත් එක්ක ඉන්නවා නම් ඒ කියන්නේ මම අසාර්ථකයි කියන එකයි.
විග්නේශ්වරන්ට කරන දේ
විශේෂයෙන් ත්‍රස්තවාදයට විසදුම් ඉදිරිපත් කරපු පළාත් සභා ක්‍රමය මම සම්පුර්නයෙන්ම අවලංගු කරනවා.ඒ නිසා අද අන්තවාදී විදියට හැසිරෙන උතුරු පළාත් සභාවක්වත් විග්නේශ්වරම් වගේ මහා ඇමති කෙනෙක් වත් මගේ පාලන කාලේදී දක්නට ලැබෙන එකක් නැහැ
වියදමට වෙන් කරගන්න මුදල
මට කාර්යමන්ඩලයක් ඉදීවි ඒ අර පුද්ගලික යැපීමක් මට අවශ්‍ය නැහැ.මම භික්ෂුන් වහන්සේ නමක්.ජනාධිපති උනත් මම දානෙට වදිනවා.ඒ නිසා පුද්ගලික වියදමට සත පහක්වත් අය වයෙන් උවමනා නැහැ.
6:49 AM
Unknown
Posted in:
0 comments:
Post a Comment