සර්වලිංගිකයාගේ කතාන්දරේ ගියා විතරයි මට විසුමක් නැති වුණා තව ඒ වගෙ අය ගොඩකගෙන්. ඒ හැමෝම මට කිව්වේ අනේ අපි ගැන කවුරුවත් කතා කළේ නැති වුණාට ඔයා අපි ගැන කතා කළ එකට ස්තුතියි කියලා. ඒ වගේම තව කෙනෙක් කිව්වා එයාලගෙ සොසයිටි එකක් තියෙනවා ඒකේ එක එක ෆන්ෂන් තියෙනවා පුළුවන් නම් ඇවිත් ඒවාත් බලලා තව මොනා හරි ලියන්න කියලා.
කොහොම කළත් ලියන්න වගේම කියන්නත් සීමාවක් තියෙනවානේ. ඒ සීමාවන් අතරේ ඉඳලා අපි බලමු මොනා හරි කරන්න. ඒ වුණාට අපේ කතන්දරේ යාළුවාගේ කතාව ඉවර කරලම ඉඳිමුකෝ. ඒ නිසා අපි එතැනට යමු. කළු ටයිට් ෂෝටක් ගහලා, සුදු ස්කිනියක් ඇඳගෙන කකුලක් උඩ කකුලක් දාගෙන අත් දෙක ඔළුවෙ බැඳගෙන දිගු ඇස් දෙක කරකව කරකව අසමසම ලිංගිකය කතාවට සූදානම්. එක මයිල් ගහක් නැතිවෙන්න බාපු එයාගේ කිහිල්ල විතරක් දැක්කොත් කෙනෙක්ට හිතෙන්නේ මේ නම් කෙල්ලක්මයි කියලා. ඒත් ඉතින් මූ මොන ජාතියේ එකෙක්ද... දෙවියන්ට වැඩ වැඩිම වෙලාවක තමයි මූව මවලා තියෙන්නේ. ඒකනේ මේ අඟ පසඟ දෙවිදියකට තියෙන්නේ. හරි අපි කතාවට යමු. මතකද එදා නවත්තපු තැන...
සමහරු හස්බන්ඩ්ට බනින්න ගන්නවා පලු යන්න. තව අය ඉස්කෝලේ කාලෙ කියවනවා. තව අය පට්ට ලව් කතා කියනවා. මේ හැමෝම අන්තිමට කියන දෙයක් තියෙනවා.
ඒ මොකක්ද...
ඒ තමයි එයාගේ ජීවිතේට හම්බුවෙච්ච හොඳම කෙනා මං බව. ඒත් නිකන් නෙවෙයි කියන්නේ... හොඳ තැනකට විශේෂණ පදයකුත් දාලයි එයාලා එහෙම කියන්නේ...
ඔයාගේ නම කොහොමද පාවිච්චි කරන්නේ.
එක එක අයට එක එක නම්... ඒ නම් වලිනුත් මං මගේ ගණන් ටික හදනවා...
ඒ කියන්නේ...
මං එයාට කිව්වොත් මගේ නම මිතිල කියලා... මං මිතිල නමට වෙනම එකවුන්ට් එකක් හදනවා... එතකොට මිතිලට කතා කරන අයට ඕනේ මොනවද කියලා මං දන්න වනේ... ඊළඟට අපි හිතමු මං අන්කල් කෙනෙකුට කිව්වා කියලා මගේ නම මාරියා කියලා... අන්කල්ලා ඔක්කොටම මම දෙන්නේ ඒ නම... එතකොට පුළුවන්නේ අන්කල්ට ලේසියිනේ මගේ ෆෝන් එකට සල්ලි දාන්නත්... ඒ වගේම තමයි කොල්ලෙක් වගේ කෙනෙක් කතා කළොත් එයාටත් කියනවා ඔය මොකක් හරි නමක්...
ඒ කියන්නේ...
මාධව වගේ, එහෙම නැත්නම් මේනකල වගේ නමක්...
ඇයි ඔයා "ම" යන්නෙන්ම නම් කියන්නේ...
ඒක පොඩි රහසක්... අනික "ම" යන්න මේ සබ්ජෙක්ට් එකට යන අකුරක්... හරි අපි යමුකෝ අර කතාවට.
මොකක්ද...
ඇන්ටිලා කියන කතා... මෙහෙමයි එයාලට ඕනේ තමන් විඳින මානසික ආතතියෙන් මිදෙන්න... අනික මං අහනවානේ එයාලගේ විස්තර... වයස කීයද, නම මොකක්ද...ගෙවල් කොහේද... ඉන්නේ කවුද... කරන්නේ මොනවද... කොච්චර කල්ද ඔය ලෙඩේට... ඔහොම ප්‍රශ්න අහනකොට මං කොලේක ලියා ගන්නවා ඒ ඒ අයගේ විස්තරේ... තව අහන වැදගත් ප්‍රශ්නයක් තියෙනවා...
ඒ මොකක්ද...
බල්ලෝ හදනවද කියලා...
ඇයි ඒ...
ඒකෙන් ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන්... බල්ලා හොඳ ජාතියේ පොඩි එකෙක් නම් කතාව වෙනස්... වල් බල්ලෙක් නම් කතාව ඊටත් වඩා හොඳයි... අපි ඒක නවත්තමු... අපි කතා කළේ ජංගම මසාජ් ගැනනේ... ඉතින් එහෙම ඒවා අහන්නේ අදාළ කෙනාගේ විස්තරේ හරියටම වටින හින්දා...
මොකක්ද අර කිව්වේ ඉස්කෝලේ කාලේ ගැන කියවනවා කියලා...
මෙහෙමයි ඔය හුඟාක් තැන්වලින් මට කතා කරන්නේ කවුරුත් නැති අය... සල්ලි තියෙනවා උතුරන්න... දරුවෝ පිටරට... ගෙදර ඉන්නේ තනියෙන්... හස්බන්ඩ්ට දාහක් වැඩ... අනික හස්බන්ඩ් අඳින්නේ පලඳින්නේ දැන් වයසට වඩා හැඩට... එතකොට මේ අයට එනවනේ ජෙලක්... ගොඩාක් වෙලාවට එන්නේ ඔෆීස් එකේ කවුරු හරි හබීව දැලේ දාගෙන ඇති අන්න ඒ වගේ අදහස් එක්ක ඉන්නේ... අන්න එතකොට මේ ඇන්ටිට එනවා එයා ඉස්කෝලේ ගෙවපු ජීවිතේ ගැන මතක... ඉතින් එයා පස්සේ කොල්ලෝ ට්‍රයි කරපු හැටි... අඳින පලඳිනකොට තිබුණු හැඩ... ස්පෝට් කරනකොට තිබුණ ඇඟ... පළවැනි දවස බියර් බිව්ව... ෆිල්ම් එකකට ගිය හැටි... මේවා ඔක්කොම එකතු වෙලා අච්චාරු වෙලා කියවන්න පටන් ගන්නවා... මං එතකොට කියනවා ලමැඩම් ඇස් දෙක පියාගෙන මතක් කරන්නල කියලා... ඊට පස්සේ මං එයාගේ ඔළුව මසාජ් කරන්නේ... ඔයා දන්නවද සමහරු නෝනලා මොනතරම් පීඩනයකට යටත් වෙලා ඉන්නවද කිව්වොත් මාව එයාගේ වාහනේ දාගෙන යන ගමන් කතා කියලා තියෙනවා... අනික තමයි මං එහෙම අය ගාවට යන්න ඉස්සර කෙනා බලාගන්නත් පොඩි උප්පරවැට්ටියක් දානවා...
ඒ මොකක්ද?
ඇයි සමහරු අහනවනේ එන්නෙ මොකේද... වාහනේකද පාරේ බස්වලද එහෙම අහනවා... ඉතින් මං කරන දේ ඕනෑ කෙනෙක්ගේ විස්තර අහලා ඉවර වුණාම ලමට නෝනා කියන්න කීයටද එන්න ඕනේල කියලා අහනවනේ. අන්න එහෙම වෙලාවයි තැනයි කිව්වාම මෝටර් බයිසිකලේ යනවා ඒ ගේ ළඟට... ගිහින් රින්ග් එකක් දෙනවා ඇන්ටිට... එතකොට කතා කරනවානේ... ඊට පස්සේ එයා ගෙදර ඉන්න බව දන්න හින්දා ෆුල් ෆෙස් හෙල්මට් එකක් දාලා හපාචි විදියට යන්නේ... හොඳේ... අර ගෙදර ඛෙල් එක රින්ග් කළාම එන්නේ එයා... එකෙන්ම බලාගන්නවා හොඳ කරත්තයක්ද නැත්නම් පිටි මුට්ටයක්ද කියලා... අප්සට් වගේ නම් පෙනුමට යන්නේ නෑ... හොඳයි නම් යනවා...
ඔයා මොනවද එහෙම ගෙදර ඛෙල් කරලා ගිහිල්ලා අහන්නේ...
මොනවා අහන්න බැරිද... පාරක් වුණත් අහතෑකිනේ... එහෙම නැත්තං ප්‍රමෝෂන් දෙයක් අහන්න පුළුවන්... මල් ගැන, රෙදි ගැන කතා කරන්න පුළුවන්... මෙතැන වැඩිපුරම ඕනේ දැක ගන්නනේ... ඒකයි එහෙම කරන්නේ...
ඊළඟට...
ඊළඟට ඉතින් යනවා වැදුණොත්... නැත්තං අත්ඇරලා දානවා... සල්ලි කොච්චර ලැබුණත් වැඩක් නෑනේ... පෙනුම අප්සට් වුණොත්... වැල වුණත් කන්න පිරියක් තියෙන්න ඕනෙනේ...
කියන ගාණට වැඩිය සල්ලි දෙන අය ඉන්නවද...
අපෝ ඔව්... ගොඩාක් අය කියන ගාණට වඩා රුපියල් පන්සීයක්වත් දෙනවා... සමහරු මාස තුනකට විතර සල්ලි දීලා දවස් වෙන්කර ගන්නවා... මෙතැන පොඩි දෙයක් තියෙනවා... මසාජ් එකට වඩා මෙතැන තියෙන්නේ ලවක්... ඒක හරියට අර ඉස්කෝලෙ කාලේ ලව් වගේ... හොරෙන්, රහසෙන් කරන්නේ...
මේවා නම් මාරයි නේද...
මොනවද ඉතින් මාර... ඔක්කොම ඉවර වෙනකම් විතරයි...
අනූ එදිරිසිංහ
4:51 PM
Unknown
0 comments:
Post a Comment