බාල වයස්කාර දැරියකට පෙති දිදී ලිංගිකව හැසිරුණු මාමා ~ niruwatha

Friday, May 23, 2014

බාල වයස්කාර දැරියකට පෙති දිදී ලිංගිකව හැසිරුණු මාමා

14 වසර වියෑති බාලවයස්‌කාර දැරියක සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇය මවගෙන් බැහැර කර වසර තුනක පමණ කාලයක්‌ එම දැරියට උපත් පාලන පෙති දෙමින් කාලයක්‌ තිස්‌සේ ඇසුරක්‌ පැවැත්වූ 35 හැවිරිදි අයෙකුට ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා එම සැකකරු මැයි මස 28 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඇප ප්‍රතික්‌ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වූ සැකකරු රැකියාව වශයෙන් මුදල් පොලියට ලබා දෙන අයෙක්‌ වන අතර මෙම සැකකරු අධිකරණය හමුවට පැමිණ වූ ජාඇල පොලිසියේ නඩු මෙහෙයුම් නිලධාරී උප පොලිස්‌ පරීක්‍ෂක රංජිත් ප්‍රේමසිරි මහතා විසින් ගොනුකළ පැමිණිල්ල අනුව දැරියගේ පියා නොමැත. ඇය තම මව සමග ජීවත් වේ. 

මෙම දැරිය ඉතා අකීකරු දඩබ්බර හෙයින් මවට නොදන්වා නිතර නිවසින් පිටව යන බවත් එබැවින් දැරිය පාලනය කරදෙන ලෙසට ජාඇල පොලිසියට පැමිණ ඇගේ මව ඉල්ලා තිබී ඇත. අනතුරුව දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සැකකරු සමග පැවැත්වූ ඇසුර පිළිබඳව තොරතුරු පොලිසියට හෙළිකර ඇත. බාලවයස්‌කාර දැරියක්‌ සමග අයුතු ඇසුරක්‌ පැවැත්වීම සම්බන්ධයෙන් සැකකරු එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

0 comments:

Post a Comment