තක්කාලි කෑමෙන් දරු පල නොමැති පිරිමින්ට දරු පල ලබා ගැනීමේ නවතම පරීක්ෂණයකින් තහවුරු කරගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ තක්කාලි වල ඇති ප්‍රධාන පෝෂදායී සංඝටකය වන ලිකොපේන් පිරිමින්ගේ ශුක්‍රානු සංක්‍යාව 70% ක් දක්වා වැඩි කිරීමට හේතුවන බවයි.
ඔහියෝහි කිලිවෙන්ඩලන්ඩ් රෝහලේ පර්යේෂණයකින් මේ බව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් තම පර්යේෂණයට පෙර සිදු කරන ලද අධ්‍යන 12ක දත්ත ද සමාලෝචනය කර තිබීම විශේෂත්වයකි.පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ බ්‍රිතාන්‍යයේ පමණක් විවාහක ජෝඩු 6කින් 1කට දරු පල නොමැති බවයි.
දරු පල ලබන්නේ කාන්තාවන් බැවින් පොදු මතය වන්නේ දරුවන් හීන වීම පවතින්නේ කාන්තාවන්ගේ බවයි.එසේ වුවද දරු පල නොමැති වීමේ හරි අඩකට වඩා වගකිව යුත්තේ පිරිමින්ගේ ශුක්‍රානු ක්‍රියාකාරීත්වය බවද තහවුරු කරගෙන ඇත.
තක්කාලි වල අඩංගු ලයිකොපෙන් මගින් ශුක්‍රානු ගණනය දියුණු වන බවත් එහි සංසේචනය සඳහා පිහිනා යාමේ හැකියාව එමගින් වැඩි වන බවත් සොයාගෙන ඇත. මෙම අධ්‍යනයේ ප්‍රධානී ක්වෙලන්ඩ් විශේෂඥ රෝහලේ ප්‍රජනක විද්‍යාව සම්භන්ධ වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක අශෝක ආග්ර්වල් පවසන්නේ ලයිකොපෙන් වලින් පුර්ශයන්ගේ ප්‍රජනක ඉන්ද්‍රිය වලට වැඩි ප්‍රතිලාභ ලැබෙන බවයි.
අනෙක් අධ්‍යනයෙන් පෙනී ගොස් ඇත්තේ ශුක්‍රානු නිපදවන පුරස්ථි ග්‍රන්ථියේ රෝගයෙන් මර්ධනය කරන බවත් එම ග්‍රන්ථියේ පිළිකා සෑදීමේ අවධානම අඩු කරන බවත්ය.
8:52 PM
Unknown
.jpg)
Posted in:
0 comments:
Post a Comment