ඇමති විමල්ට නඩුවක් ~ niruwatha

Monday, May 26, 2014

ඇමති විමල්ට නඩුවක්

ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා ‍පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා නීතිඥ අනෝජා වීරසේකර මහත්මිය මගින් එන්තරවාසියක් යවා ඇත.
2014 මැයි 05 වන දින ජාතික නිදහස් පෙරමුණ විසින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වූ ජාතික නිදහස් පෙරමුණේ සමුළුවේදී එළිදැක් වූ පංචායුධය විශේෂ සමරු කලාපයෙහි පළ වූ ප්‍රවෘත්තියක් නිසාවෙන් තමන්ගේ කීර්තිනාමයට බලවත් හානියක්, කැළලක් වූ බව බුද්ධදාස මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ බුද්ධදාස මහතා 2014 මැයි මස 05 වන දින දරන එම සමරු කලාපයෙහි, ප්‍රකාශකයකුගේ නමක් හෝ මුද්‍රණය කළ ස්ථානයක් හෝ නොමැති බවද සඳහන් කළේය.
එම කලාපයේ 08 පිටුවෙහි හෝමාගම ප්‍රාදේශීය සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල්, සේරුවිල ප්‍රාදේශීය සභාවේ උප නගරාධිපති  සුනිල් විදානගේ ඇතුළු පළාත් පාලන නියෝජිතයන් 62 ක් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ජනතා සේවයේ නියැළෙන බව සඳහන් කර ඇත.
මෙම සටහන මගින් තමන්ට හා තම තනතුරට සිදු වී ඇති අපහාස පිළිබඳව බලවත් අප්‍රසාද පළ කරමින් අදහස් දැක් වූ බුද්ධදාස මහතා විමල් වීරවංශ මහතා මේ ගැන නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් රුපියල් කෝටි 5ක වන්දියක් ඉල්ලා අධිකරණයේ නඩු පවරන බවද සඳහන් කළේය.

0 comments:

Post a Comment