ගර්භණීභාවය පිළිබඳව ඇති අනිසි බිය ගබ්සාවන්ට හේතුවන එක් කරුණකි. ආර්ථික ප්‍රශ්න නිසාද ඇතැම් විවාහක කාන්තාවන් ගබ්සාවට යොමු වේ. වැඩිමල් දරුවන් ඇති අම්මලාද ගබ්සා කිරීම්වලට යොමුවන බව නොරහසකි.ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම්වලට යොමුවන කාන්තාවන්ගෙන් සියයට අනූ නවයක්ම විවාහක කතුන් බව වෛද්‍ය වාර්තාවල සඳහන් වේ. ප්‍රසව හා නාරිවේද
විශේෂඥ වෛද්‍යවරුන්ගේ අත්දැකීම පළපුරුද්ද සහ දත්ත සමීක්ෂණය මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පැහැදිලි කරයි. මැදිවිය ඉක්මවමින් සිටින වයස අවුරුදු 40ට වැඩි ඇතැම් කාන්තාවන් ආර්ථික ප්‍රශ්න නිසා ගබ්සාකර ගැනීම්වලට යොමු වෙති. වයසින් වැඩි දරුවන් ඇති අම්මාවරුන්ද පිළිසිඳ ගැනීම් ඉවත් කරගැනීමට මැලි නොවෙති.
කරුණු කාරණා කෙසේ වුවද රට තුළ නූපන් දරුවන්ගේ ඝාතන රැල්ල ශීීඝ්රයෙන් ඉහළ යමින් තිබේ.
මෙවැනි ගැටලුවලට මැදිවූ කාන්තාවන් උපදේශන සේවාවනට යොමු කිරීම ගබ්සාකර නූපන් දරුවෙකු ඝාතනය කිරීමේ පාපයෙන් මුදාගැනීමට හේතුවනු ඇත. මෙවැනි අපරාධයන් වළකා ගැනීමේ අපහසුවක්ද නැති තරම්ය. කාන්තාවට අත්විඳින්ට සිදුවන ඇතැම් සමාජමය ගැහැට හා අවමානයන් පිළිබඳව පුරුෂයින් දැනුවත් කිරීම තුළද මෙම අමානුෂික අපරාධය යම් තරමකින් හෝ වළකාගැනීමේ හැකියාව ඇත.
ශ්‍රී ලාංකිය සංස්කෘතිය තුළ ලිංගිකත්වය පිළිබඳ විවෘතව කතාබහ නොකිරීම විසින් ඇති කරන නූපන් දරුවන් ගබ්සාවෙන් ඝාතනය කරන ශාපරාධි අපරාධය මේ වන විට උත්සන්න වෙමින් පැවතීම වගකීම් පැහැර හැරැති සමාජයක ගති ලක්ෂණ විද්යමානකර තිබේ. රුපියල් ශත හඹා යන ඇතැමුන් මෙම සාපරාධී අපරාධයට උඩගෙඩි දෙමින් නූපන් දරුවන්ගේ ප්‍රාණවායුව හිස් අවකාශයට එක්කරමින් සිටිති. වෛද්‍ය මධ්‍යස්ථාන, වෙදමැදුරු සහ ඇතැම් අවස්ථාවලදී ස්වේච්ඡා සංවිධාන නමින් පෙනී සිටින වෛද්‍ය වෘත්තිකයන් නොවන පුද්ගලයන්ද ගබ්සාව ගජරාමෙට කරති.
ලාංකීය සමාජය තුළ ගබ්සාවකට අධිකරණමය අවසරය තිබිය යුතුය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ හෝ දෙදෙනකුගේ නිගමනයන් පිළිබඳව සෑහීමකට පත්වන අධිකරණය ගබ්සාවට ඉඩ දෙනු ඇත. එහෙත් වර්තමාන සමාජය තුළ නීතිමය රාමුවක පිහිටා සිදුවන ගබ්සාවන් හෝ තීන්දු තීරණ ගැනීම් විරලය. මෙරට ආගමික පසුබිම හා සංස්කෘතිය තුළ ගබ්සාව නමැති සාපරාධි ක්‍රියාවට කිසිසේත් ඉඩක් නොමැති තරම්ය.
එහෙත් වැඩ වරද්දා ගත් කාන්තාවට? ඇයට නූපන් දරුවාගේ ප්‍රාණවායුව ගැබ තුළදීම විනාශ කර දැමීම හැර වෙනත් ගැලවීමක්ද නොමැති තරම්ය. අසම්මතයේ ගැබ් ගැනීමට ඉඩ හැර නූපන් දරුවෙකු ඝාතනය කිරීම මොනතරම් අපරාධයක්ද? එහෙත් අපරාධයක් හෝ පසුතැවීමක් නොවන කරුණක් සේ සලකා ගබ්සා කිරීම කරගන්නා කාන්තාවන් මෙන්ම ගබ්සාව නමැති පාප ක්‍රියාවට යොමුවන හොර වෛද්‍යවරුන්ද සමාජය තුළ නොගැවසෙන්නේද?
ඉකුත් දා මාතලේ නගරයේදී ජංගම ගබ්සා මධ්‍යස්ථානයක් වැටලූ බවත් කල් ඉකුත්වූ ඖෂධ තාගයක්ද සමග වෛද්‍යවරයා ලෙසට හැඳින්වූ පුද්ගලයා සහ තැරැව්කරුවාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කළේය. මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රකුමාර, සහකාර පොලිස් අධිකාරි ඩී.එම්. දසනායක යන මහත්වරුන්ගේ උපදෙස් ඇතිව මාතලේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල රුවන්තිලක මහතා ඇතුළු කණ්ඩායම මෙම කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම කළ බවද වාර්තා කර තිබුණි.
“ඩොක්ටර් මට මේක කරගන්න ඕනෑ. කීයක් විතර යයිද?” සම්මුඛව කතා කිරීමට පෙර මෙම වෛද්‍යවරයා දුරකථනයෙන් හමුවීම මෙම ජාවාරමේ පළමුවැනි කොන්දේසිය විය. දුරකථනයෙන් කතා කරන වෛද්‍යවරයා තම සේවාදායකයා කෙරෙහි දක්වන්නේ අනුපමේය අනුකම්පාවකි. “මේව හොඳ වැඩ නොවෙයි දරුවො. අවදානමක් තියෙනවා නේද? ඇයි මෙහෙම තීරණ ගන්නේ. තවත් ටිකක් හිතල බලල කතා කරන්න...” වෛද්‍යවරයා තම සේවාදායකයාට වරද පෙන්වා දෙමින් රිසීවරය තැබුවද වැඩවරද්දා ගත් කාන්තාව තැරැව්කරු මාර්ගයෙන් ඊළඟ අවස්ථාවකදීද වෛද්‍යවරයා ඇමතීමට අවස්ථාව උදාකර දෙයි. “මම ජීවිතය නැති කර ගන්නවා ඩොක්ටර්. මට ජීවත් වෙලා වැඩක් නැහැ...” සේවාදායකයා දෙවන වරට නගන අදා්නාවෙන් කම්පාවට පත්වන බව පෙන්වන වෛද්‍යවරයා අසවල් තැනට පැමිණ තම සහයකයා හමුවන ලෙස දැනුම් දෙයි. වෛද්‍යවරයා ලෙසට පෙනී සිටි පුද්ගලයා එලෙස පැවසුවත් ඒ හා සමගම ජාවාරමේ අන්තර් සන්නිවේදන ජාලය වහා ක්‍රියාත්මකව සේවාදයකයා හඳුනා ගැනීමට කටයුතු කරයි.
පොලීසිය හෝ වෙනත් ෙනෙතික වශයෙන් බලයක් ඇති නිලධාරීන් නොමග යැවීම ගබ්සාවට පෙර කළ යුතුය. මෙම අරමුණ ඇතිව නිශ්චිත ස්ථානයක් නොදක්වන ජාවාරම්කරුවෝ ස්ථාන කීපයකට කාන්තාව ගෙන්වා ගැනීමෙන් අනතුරුව ආරක්ෂක අංශයේ අවධානය ගිලිහී ඇති බවට අවබෝධ කරගැනීමෙන් අනතුරුව සේවාව අවශ්‍ය කාන්තාවට වෛද්‍යවරයා හමුවීමට අවස්ථාව ලබාදීම මෙම ජාවාරමේ අතිශය වැදගත් තීරණය බවට පත්කරගෙන ඇත. මේ වන විට ස්ථාන කීපයකට ගොස් අවශ්‍යතාව හඹා ගිය සේවාදායකයා හෙම්බත්ව ඇති බව තහවුරු කරගත් තැරැව්කරු ත්‍රිරෝද රථයකට කාන්තාව ගෙන්වා ගැනීමට කටයුතු කරයි. හෙම්බත්ව සිටින සේවාදායකයා කඩිනමින් තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට කල්පනා කළද ත්‍රිරෝද රථයේදී හමුවන වෛද්‍යවරයාගේ අවවාද ගොන්නකට යළිත් සවන් දීමට සිදුවෙයි. අනුකම්පාවේ ප්‍රතිමූර්තියක් බව පෙන්වන ව්‍යාජ වෛද්‍යවරයා කාන්තාවගේ අවශ්‍යතාව ගැන යළි යළිත් කල්පනා කරබැලීමට උපදෙස් දී අවසානයේදී අනුකම්පාවෙන් කාර්ය කරදීමට ඉදිරිපත් වෙයි.
“වියදම නම් ටිකක් සැරයි. මොකද කියන්නේ” වෛද්‍යවරයාගේ අවසන් ප්‍රශ්නයටද සේවාදායකයා පිළිතුරු දිය යුතුය. “කමක් නැහැ ඩොක්ටර් කීයක් වුණත් කමක් නැහැ. මට මේකෙන් ගැළවෙන්නයි අවශ්‍ය” නූපන් දරුවාගේ ප්‍රාණවායුව ගැබ තුළදීම හිස් අවකාශයට එක් කිරීමට පෙරුම් පිරූ කාන්තාවට රුපියල් 18,000/-කට බෙහෙත් පෙති තුනක් ලබා දෙන වෛද්‍යවරයා අඳුරේ සැඟව යන පිශාචයෙකු සේ ක්ෂණයකින් එම ස්ථානයෙන් අතුරුදන් වෙයි. තැරැව්කරුද කාන්තව හැර දමා යද්දී තම ලෙයින් උපන් දරුවාගේ මරණයද රැගෙන කාන්තාවටද නිවස බලා පිටත්ව යාමට සිදුවෙයි.
කල් ඉකුත්වූ බෙහෙත් පෙති ගොන්නක් රැගත් මෙම ව්‍යාජ වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස පෙනී සිටියද වෛද්‍යවරයෙකු නොවේ. ඖෂධ පිළිබඳවද එතරම් වැටහීමක් නොමැති ඔහු සති තුනක පමණ කාලයක් ඖෂධවේදය උගත් අයෙකු බව පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. ඉන්දියාවෙන් ගෙන්වා ගත් බෙහෙත් පෙති මෙම සාපරාධි අපරාධයට යොදා ගෙන ඇති බවත් ජාවාරම්කරුවෝ රුපියල් 200/-ක් පමණ වටිනාකමක් ඇති බෙහෙත් පෙති රුපියල් 18,000/-කට අලෙවි කර අයුතු ලාභ උපයමින් සිටිති. ඔවුහු වටිනා මිනිස් ජීවිත අකාලයේ අහිමි කරමින් සැප ජීවිත ගත කිරීමට මුදල් එක්රැස් කරමින් සිටිති. වැඩවරද්දා ගත් අම්මාවරුන් නූපන් දරුවන් ගැබ තුළදීම ඝාතනය කර නැවතත් වින්දනීය අත්දැකීමක් ලබන්නට පෙරුම් පුරති. වින්දනීය අත්දැකීමක් අත්විඳින්ට පෙරුම් පුරමින් වැඩවරද්දා ගන්නා අම්මාවරුන් සමාජගතව සිටිනාතාක් කළ නූපන් දරුවන් ගැබ තුළදීම ඝාතනය කරන සාපරාධී අපරාධකරුවාගේ භූමිකාව සමාජයෙන් බැහැර නොවනු ඇත

0 comments:
Post a Comment