ආක්ෂේ කුමාරගේ කරාටේ පන්තිය කාන්තාවන්ට පමණයි ~ niruwatha

Monday, June 9, 2014

ආක්ෂේ කුමාරගේ කරාටේ පන්තිය කාන්තාවන්ට පමණයි

ඉන්දියාවේ බහුල ලෙස ස්ත්‍රී දූෂණ, සමූහ දූෂණ සහ කාන්තා හිංසන ආදී සමාජ විරෝධී ක්‍රියා වාර්තා වෙමින් පවතී.
මෙය සමස්ත ඉන්දීය සමාජයට ම කැලලක් බවට පත්වෙමින් තිබේ.
බොලිවුඩ් සිනමාවේ වීරයෙකු වන සුපිරි නළු ආක්ෂේ කුමාර් සිය වීරත්වය රිදී තිරය තුළ පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී ද පවත්වාගෙන යාම සඳහා පියවරක් ගැනීමට අවධානය යොමු කර ඇත්තේ, ඉන්දීය සමාජය කඩා වැටෙමින් තිබෙන මොහොතක ය.
ඔහුගේ වෑයම දුර්වලත්වය කරපින්නාගෙන උපත ලද ස්ත්‍රිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකි.
ඒ සඳහා ඔහු ස්ත්‍රීන් තුළ ස්වයං ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා විශේෂ පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එම පාසල හරහා ස්ත්‍රීන්ට මාර්ෂල් ආර්ට් සහ ටයික්වන්ඩෝ යන සටන් කලා ඉගැන්වීමට නියමිත ය.
ආක්ෂේ කුමාර් හුදු කාඩ්බෝඩ් වීරයෙකු නොවන අතර ඔහු මාර්ෂල් ආර්ට් සටන් කලාව මැනවින් ප්‍රගුණ කළ අයෙකු වන අතර ටයික්වන්ඩෝ සටන් කලාව සඳහා කළු පටි ලබාගත් දක්ෂයෙකි.
ඔහු පවසන්නේ, තමන් උගත් දේ තුළින් සමාජයට යම් වැඩදායී සේවාවක් කිරීම සිය අරමුණ බව ය.
ඉන්දියාවේ අනාරක්ෂිත ස්ත්‍රියට සිය ආරක්ෂාව තමන්ට ම සලසා ගත හැකි ක්‍රමවේදයක් සැකසීම ඔහුගේ අරමුණ වී තිබේ.

0 comments:

Post a Comment