කැලිෆෝනියා සරසවියේ ධාවන ශූරියක්ව සිටි ඇය මේ වන විට 28 හැවිරිදි වියේ පසුවෙයි.අලීසියා මොන්ටානෝ නම් වන ඇය ඔලිම්පික් ශූරියක් ද වෙයි.
සිය ප්රථම දරුවා ලැබීමට නියමිතව සිටින ඇය පසුගියදා ඇමරිකාවේ පැවති ධාවන තරගයකට එක්ව ඇති අතර එම තරගය සාර්ථකව නිමකර තිබේ.
ගැබිණි සමයේ ධාවනයේ නිරත වීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු අපහසුවක් නොදැනුන බවත් ධාවනයේ නිරත වීම සියලු ක්රියාවලියට යහපත් යැයි තමන් සිතන්නේ යැයි ඇය කියා තිබේ.
පස් වතාවක්ම මීටර් 800 න් ජාතික ශූරිය වී ඇති මෙම තරුණියට තරගය නිම කිරීම සදහා ප්රේක්ෂකයින්ගේ උණුසුම් ප්රතිචාර ලැබුණ බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.
0 comments:
Post a Comment