ඒ නිමිත්තෙන් ජුනි මස 01 වැනිදා සහ 2 වැනිදා අරන්තලා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේදී අනුස්‌මරණ වැඩසටහන් සංවිධානය කර ඇත.
ජුනි 01 වැනිදා පස්‌වරු 6.00 ට සප්තාසන කාව්‍ය ධර්ම දේශනාව සහ රාත්‍රි 9.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කෙරේ.
ජුනි 2 වැනිදා පෙරවරු 8.00 සිට පස්‌වරු 2.00 දක්‌වා අරන්තලා භික්‍ෂු ස්‌මාරකය අබියස ආගමික වතාවත් හා පුෂ්පෝපහාර පූජාව, අටවිසි බෝධි අංකුර හා බුදුපිළිම වහන්සේලා තැන්පත් කිරීම, ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරන ලද මහා සංඝරත්නයේ ප්‍රතිමා ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම, අරන්තලා භික්‍ෂු විශ්‍රාම ශාලාව සඳහා මුල්ගල් තැබීම, ගුණ සමරු උත්සව සභාව හා ගුණ සමරු දේශනය, සපිරිකර මහා සංඝගත දක්‍ෂිණාව සහ මහා බත් දන්සල පැවැත්වේ.
උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලසද්ධර්මවාගීෂ්වර සිරිසුමනතිස්‌සල අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන 31 නමක් අරන්තලාවේදී 1987 ජුනි මස 2 වැනිදා කුරිරු ත්‍රස්‌තවාදී ප්‍රහාරයට ලක්‌ව අපවත් වූහ.
ශාස්‌ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමි ප්‍රමුඛ සංවිධායක මණ්‌ඩලය පිංකම් සංවිධානය කරයි.



1:57 PM
Unknown
.jpg)


0 comments:
Post a Comment