බොදු බල සේනාවේ සභාපති හිමියන් බොදු බලෙන් අයින් වෙන්න හදයි ~ niruwatha

Wednesday, June 18, 2014

බොදු බල සේනාවේ සභාපති හිමියන් බොදු බලෙන් අයින් වෙන්න හදයි

ඊයේ දිනයේදී (17) නෙත් එෆ්.එම් කල විමසීමකදී "බොදු බල සේනාවෙන් ඉවත් වූ පුවත සත්‍යයක් නැහැ" පැවසුවද ඉදිරියේදී ඒ පිළිබඳව තීරණාත්මක තීන්දුවක් ගැනීමට සූදානම් බව බොදුබල සේනා සංවිධානයේ සභාපති පුජ්‍ය කිරම විමලජෝති හිමියන් හිමියන් විසින් රූපවාහිනී නාලිකාවක් වෙත පවසා ඇත. 

තමන් වහන්සේ විසින් ආරම්භ කළ මෙම සංවිධානයේ කටයුතු තමන් වහන්සේටවත් දැන් පාලනය කළ නොහැකි මට්ටමකට පත්ව ඇති බව උන් වහන්සේ පැවසුවේ, සමහර දේවල් දැන් "Beyond control" ලෙසිනි. 

පසුගියදා අලුත්ගම දී පැවති බොදු බල සේනා සංවිධානයේ රැස්වීමක දී රාජ්‍ය නායකයා ඇතුළු ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් කරන ලද විවේචන හා ඊට යොදා ගත් වචන පිළිගත නොහැකි බව උන්වහන්සේ විසින් ප්‍රකාශ කොට තිබුණි. 

​එහි වීඩියෝව බලන්න පහතින් 



0 comments:

Post a Comment