මේ ඇමැතිවරුන් වූයේ අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක හා උතුරු මැද ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහත්වරුය. රංජිත් මහතා උතුරු මැද පළාත් අධ්‍යාපන ඇමැතිවරයා වේ.
තමුසේ, කරත්තකාරයා ආදී උණුසුම් වචන හුවමාරුවක යෙදෙමින් පාසල් දරුවන්ට ඇමැතිවරුන් දෙදෙනා මේ ආදර්ශය ලබා දුන්නේ පෙරේදා එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදිකිරීමට නියමිත මහින්දෝදය විද්‍යාගාරයට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය.
උත්සවයට පැමිණි මැති ඇමැතිවරුන් පිළිගැනීමෙන් අනතුරුව මුල්ගල් තැබීමට යන අවස්ථාවේදී අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා උතුරු මැද පළාත් එස්. එම්. රංජිත් සමරකෝන් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූයේ එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින්ය. එහිදී අමාත්‍යවරුන් දෙපළ අතර වූ වචන හුවමාරුවයි මේ.
ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතා,
මට මේවා ජනාධිපතිතුමා භාර දීලා තියෙන්නේ.
අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක
ඔයාට මොනවද භාර දීලා තියෙන්නෙ ඉස්කෝල, කැබිනට් ඇමැතිවරයෙක් ඉද්දි එයා තමයි උත්සවයක ප්‍රධාන ආරාධිතයා වෙන්නේ. දන්න දෙයක් ඔයා කතා කරන්න.
ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතා,
ඔයාලනේ මේවා වෙනස් කරන්නේ,
අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක
මොනවද, අපි කොහෙද වෙනස් කෙළේ. වැරැදි දේ හරි ගස්සන්නයි ඔයාට කියන්නේ.
ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතා,
තමුසෙලානේ වැරැද්දුවෙ... (මිනිස්සු ඉස්සරහා)
අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක
කතා කරන්න ඉගෙන ගන්න, තමුසේ කියන්න කරත්තකාරයෙක්ද?

එසේ උණුසුම් වචන හුවාමරුවක යෙදුණු අමාත්‍යවරු මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද සුබ මොහොතින් එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදිකිරීමට නියමිත මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල තැබූහ.
අනතුරුව සභාව ඇමැතූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,
මේ පළාතේ පුද්ගලයෙක් මට තමුසේ කියලා කතා කරා, ඉතින් මම ඇහුවා ඔබතුමා කරත්තකාරයෙක්ද කියලා. ඊට පස්සේ කතාව නවත්ත ගත්තා. ඒක තමයි එක එක්කෙනාගේ අධ්‍යාපන මට්ටම. ඉතින් අපි ඒකට කලබල වෙන්න ඕනකමක් නෑ. එවැනි අය නිසයි උතුරු මැද පළාත පහතට වැටිලා තියෙන්නේ.
අද දරුවෝ ලබා ගන්නා අධ්‍යාපනය එදා මවුපියන්ට ලබා ගන්න බැරි වුණත් මවුපියෝ ගොඩාක් සන්තෝෂ වෙනවා තමන්ට ලබා ගන්න බැරි වුණ අධ්‍යාපනය තම දරුවන්ට ලබා ගන්න පුළුවන්කම ලැබෙන කොට කවුරුහරි හිතුවොත් එහෙම මට වඩා මගේ එකා ඉගෙන ගන්න ඕන නෑ කියලා අපිට මේ රට දියුණු කරන්න ලැබෙන්නේ නෑ.
මේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කර ගන්න පුළුවන් කමකුත් නෑ. සෑම මවුපියෙක්ගේම බලාපොරොත්තුව දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි. අපට කාවවත් බලහත්කාරයෙන් තැනකට ගේන්න බෑ. තැනකට උස්සන්න බෑ. කරේ තියාගෙන යන්න පුළුවන්. ඒත් බුද්ධිය, දැනුම දෙන්න බෑ. මනුස්සයන්ගේ බොහෝ දේවල් ඇති කර ගන්න ඕන නිහතමානී කමෙන්. හික්මීමෙන්. හැබැයි සමහරු කට ඇරියොත් නා ගන්නවා. ඉතින් ඒකට අපිට කරන්න දේකුත් නෑ යැයි අමාත්‍යවරයා පැවැසීය.
එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැති මේ උත්සවයේදී උතුරු මැද පළාත් අධ්‍යාපන ඇමැති කේ. එච්. නන්දසේන, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් යන මහත්වරු රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
0 comments:
Post a Comment