දිගු කලක සිට ශී්ර ලංකාවට පැමිණෙන විදේශිකයෙකුට කුඩා දරුවන් අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ජාතික ළමාරක්ෂක අධිකාරිය අද (20) අත්අඩංගුවට ගත්තා. ඔවුන් හික්කඩුව ප්රදේශයේ පදිංචිකරුවන්. ප්රංශ ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා වෙනත් වරදකට පසුගියදා ප්රංශ පොලිසියේ අත්අඩංගුවට පත්වුණා. පසුව ඔහුගේ පරිගණකය පරීක්ෂා කිරීමේදී මෙරට පිරිමි ළමයින්ගේ විවිධාකාර ඡායාරූප රැසක් එහි තිබී සොයාගත් අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා ප්රංශ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දිවයිනට පැමිණියා.
අනතුරුව තහවුරු වී ඇත්තේ මෙම සැකකාර ප්රංශ ජාතිකයා දිවයිනට පැමිණෙන අවස්ථාවන් හිදී මෙරට දරුවන් 11 දෙනෙකු පමණ වරින්වර අපයෝජනයට ලක්කර ඇති බවයි. ඒ වෙනුවෙන් ඔහුට සහය දැක්වු අත්අඩංගුවට ගත් හික්කඩුවේ පදිංචිකරුවන් දෙදෙනාට විශාල වශයෙන් මුදල් ලබා දී ඇති බවද අනාවරණය වී තිබෙනවා. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ අපයෝජනයට ලක්වු දරුවන්ගෙන් 05 දෙනෙකු හඳුනාගත් බවයි. අනෙක් දරුවන් හඳුනා ගැනීම සඳහා මේ වන විටත් කටයුතු සූදානම් බව ඇය කියා සිටියා.
0 comments:
Post a Comment