අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල පසුගිය සතියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් බැලීමට ගිය ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාට එහි ප්‍රදේශවාසීන් පිරිසකගෙන් බරපතළ විරෝධයක් එල්ල වී තිබේ.
"දේශපාලකයන්ගෙන් වැඩක් නෑ. දැන් අපිට රජෙක් ඉන්නවා" යැයි පවසමින් මෙම පිරිස ඇමැතිවරයාට විරෝධය දක්වා ඇති අතර, මෙහි සිටි එක් පුද්ගලයකු ඇමැතිවරයාගේ බෙල්ලට කඩුවක්ද තබා තර්ජනය කර ඇත. විශාල පිරිසක් මෙම ස්ථානයට රැස්ව සිටීම නිසා ඇමැතිවරයාගේ ආරක්ෂකයන්ටද කිසිවක් කර ගැනීමට නොහැකි වී ඇත. මේ නිසා කිසිවක් කතා නොකර පසුබැසීමෙන් ඇමැතිවරයා පිරිසගෙන් ගැලවී පැමිණ තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී තමන්ගේ කට භාවිත කර ජනතාව පාලනය කරන ඇමැතිවරයකු ලෙස කුමාර වෙල්ගම මහතා ප්‍රසිද්ධය.
0 comments:
Post a Comment