සනී ලියෝන් එක්ක නිරුවතින් වුණත් රඟපාන්න කැමැතියි - මහේන්ද්‍ර පෙරේරා ~ niruwatha

Tuesday, June 10, 2014

සනී ලියෝන් එක්ක නිරුවතින් වුණත් රඟපාන්න කැමැතියි - මහේන්ද්‍ර පෙරේරා

01. ආචාර්ය සාලමන් ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා මේ දෙදෙනා ගැන වචනයක් කියන්න.
ලේසියෙන් ලංකාවේ බිහිවන්නේ නැති දෙන්නෙක්. මේ දෙදෙනාටම ඉතා සුවිශේෂී හැකියාවන් තිබුණා. ආචාර්ය සාලමන් ෆොන්සේකා අවුරුදු 10ක් චෙකෝස්ලෝවැකියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන අපේ රටට ආවත් මොකක්දෝ කරුමෙකට එතුමාගේ දැනුමෙන් ලංකාව ප්‍රයෝජන ගත්තේ නැහැ.
යම් ප්‍රයෝජනයක් ගත්තා නම් ඒ මමයි කමල් අද්දරආරච්චියි විතරයි මම දන්නා තරමින්.සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සිනමාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළා. නමුත් අවසාන කාලෙකදි එතුමා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීමත් සමඟ එතුමාගෙන් ලබාගන්න ඕන සේවය ලබා ගන්න බැරි වුණා.

02.ඇයි මේ නැවත ලංකාවේ වේදිකාවට ගොඩවෙන්නේ නෑ කියන්නේ?
මම වේදිකා නාට්‍ය ගොඩාක් කරලා නෑ. ඕනනම් 15 විතර කරලා ඇති. ඔන්න ඔහේ වේදිකා නාට්‍ය 100ක් කරනවාට වඩා හොඳ එක වේදිකා නාට්‍යයක් කළාම ඇති. ලංකාවේ සාමාන්‍යයෙන් 3.30, 6.30 දර්ශන දෙකක් දානවා. සමහර වෙලාවට 10.30 දානවා. වේදිකාව මත ශක්තිය මුදා හරින්න පුළුවන් එක පාරයි. මෙවැනි තත්ත්වයක් තුළ වෙන්නේ රංගන ශිල්පියා දැඩි මහන්සියකට වගේම ව්‍යාජ රංගනයකට හුරු වීම.ලංකාවේ ලයනල් වෙන්ට්ඩ් වගේ නාට්‍ය ශාලා තියෙන්නේ කීයද? කොළඹින් පිට ගියාම මධ්‍යම මහා විද්‍යාලවල සිමෙන්ති වේදිකාව උඩ, දර්ශන වාර ඉවර වුණාම මූණ සෝදගන්න වතුර පොදක් නෑ. ඊට පස්සේ ලොකු කාඩ් බෝඩ් පෙට්ටියක කෑම පාර්සල් ටික එනවා, ප්‍රේක්‍ෂකයෝ වාඩි වෙලා හිටිය යකඩ පුටු උඩ ඒක ලිහාගෙන කනවා.
අද Festival බලාගෙන තමයි නාට්‍ය කරන්නේ Rehearsal මාසයයි. අපි පුන්තිලා කරද්දි අවුරුද්දක් ව්‍යායාම කළා. මාස 4 Rehearsal කළා. හරිහමන් වේදිකා නාට්‍ය ශාලාවක් නැති අපි කොහොමද හොඳ නාට්‍ය කරන්නේ. බාල විදියට නාට්‍ය කරන එක මට මහා මහන්සියක්. ඉතින් මම හිතුවා මම ඒ කාලකණ්ණි වැඩේට සම්බන්ධ වෙන්නේ නෑ කියලා.

03.ඇයි මහේන්ද්‍ර අයියගේ රංගන පාසල වහලා දාන්න තීරණය කළේ?
ඒක පවත්වාගෙන යන්න තරම් ශක්තිමත් ආර්ථික තත්ත්වයක් තිබුණේ නෑ. මහරගම, නාවින්නේ ගෙයක් කුලියට අරන් තමයි මම ඒක පටන් ගත්තේ. මාසෙට 30,000 ගෙව්වා. පාඨමාලා ගාස්තුව විදියට 1,000ක් ගත්තා. ඒත් එය ප්‍රමාණවත් වුණේ නෑ Rent එකවත් ගෙවාගන්න. සමහර වේලාවට පැදුරු පාටි දාලා පවා වියදම් Cover කරගන්න වුණා. සතියේ දවස් 5ම උදේ 9 - 5 වෙනකන්  Class කළා. සමහර ළමයි චමරි දාගෙන කොළඹ නැවතිලා ඉගෙන ගත්තා. හවස් වෙලා ළමයින්ට යන්න බැරි වුණාම එතැනම නතර වුණා. මම නාට්‍ය ශිල්පීන්ට පෙරපුහුණු කටයුතු කරන්න තියටර් එකක් හදලා ඒක පැයකට රුපියල් 75ට කුලියට දුන්නා. කොහොම කොහොම හරි ගැටගහගත්තත් අවුරුදු 3 යද්දි අමාරු වුණා. Rent එක ගෙවාගන්න බැරි වුණා. ළමයාගෙන් මම 1,000යි ගත්තේ. අන්තිමේ ළමයා මාසේ අන්තිමේ කන්න නෑ කියලා මගෙන් 1,000ක් ඉල්ලනවා. පවත්වාගෙන යන එක හිතද්දි මට මහන්සියක් දැනුණා. මට ආපු සමහර වැඩත් අතපසුකරගෙනයි මම ඒක කළේ. අන්තිමට මම මගේ වැඩක් බලන් ඉන්න හිතාගෙන පාසල වහලා දාන්න තීරණය කළා.

04.මහේන්ද්‍ර අයියා කවදාහරි දක්‍ෂ නළුවෙක් වෙනවා කියලා පළමුවැනි අනාවැකිය පළ කළේ කවුද?
ගල්කිස්සේ අපි හිටිය කාලෙදි. මම නාට්‍යයක රඟපෑවා. එතකොට මම පොඩියි. ඒ නාට්‍ය Rehearsal කරපු ගෙදර Uncle මට කිව්වා පුතා කවදාහරි ගාමිණී ෆොන්සේකා වගේ දක්‍ෂ නළුවෙක් වෙනවා කියලා. මම එදා හිරිවැටිලා ගියා. මට ඒ Uncle ගේ නම නම් මතක නෑ.
ක්‍ෂේත්‍රයේදී මට හොඳට මතක හිටින අනාවැකිය කිව්වේ ගාමිණී ෆොන්සේකා සර්. සම්මුඛ සාකච්ඡාවකදී එතුමාගෙන් ඇහුවා ඊළඟ පරම්පරාවේ දක්ෂ නළුවා කවුද කියලා. එතකොට එතුමා කිව්වා අර කොටෙක් ඉන්නේ මහේන්ද්‍ර කියලා මිනිහා තමයි නළුවා කියලා. ඒ වචනේ මට සම්මානයකට වඩා වටිනවා අදටත්.

05.දක්‍ෂ වුණාට මිනිහා කොටයි කියලා ප්‍රතික්‍ෂේප කරපු අධ්‍යක්‍ෂවරු ඉන්නවාද?
ඔව්. එහෙම අවස්ථා තිබුණා. මම ආපු මුල් කාලෙදි එච්. ඩී. ප්‍රේමරත්නව මම හඳුනාගත්තා. ප්‍රේමරත්න අයියා කරන්න හිටපු චිත්‍රපටයක චරිතයක් ගැන කතා කරන්න මට එන්න කිව්වා. මම එදා සරසවි චිත්‍රාගාරයට ගියා. මම ‍ෙදාරෙන් ඇතුළු වෙද්දිම මම දැක්කා ප්‍රේමරත්න අයියා එක්ක එක්තරා කලා අධ්‍යක්‍ෂවරයෙක් හිටියා. මම නම කියන්න කැමැති නැහැ. මට ඇහුණා එයා ප්‍රේමරත්න අයියට කියනවා අපෝ මෙයා හරියන්නේ නෑ කොටයි කියලා. මම දැනගත්තා වැඩේ හරියන්නේ නෑ කියලා. මම චරිතය ගැනවත් අහන්නේ නැතිව කොහොමද කින්ද මන්ද අහලා ආපහු එන්න ආවා. හැබැයි මට ඒ චරිතය ලැබුණා නම් එදා මම දන්නවා උසට රඟපාලා පෙන්වන්න.

06.උස මදි නිසා ඒ චරිතය විතරද අහිමි වුණේ. පෞද්ගලික ජීවිතයේ මොනවාද අහිමි වෙලා තියෙන්නේ?
එහෙනම් ඉතින් ඔය කෙල්ලෙක් තමයි අහිමි වෙන්න ඕනෑ. එහෙම වෙලාත් තියෙනවා හැබැයි එහෙම අවස්ථා ජයගෙනත් තියෙනවා.

07.මහේන්ද්‍ර අයියට පිස්සුවෙන් වගේ ආදරය කරන රසිකාවියක්ට ඕන වෙනවා කොහොමහරි මහේන්ද්‍ර අයියාගේ ගෙදර නතර වෙන්න. ඔයා මොකද කරන්නේ?
Wifeට කියනවා අනේ කොහොමහරි එක Chance එකක් දෙන්නකෝ කියලා. ඔයත් ඔහොම පොඩ්ඩක් ඉන්න එයාවත් තියාගනිමු කියලා මම කොහොම හරි නවත්තගන්නවා.

08.ගයාන් වික්‍රමතිලක, දසුන් පතිරණ, සම්පත් ජයවීර, රොෂාන් රවීන්ද්‍ර මේ අයියගේ ගෝලයෝ මේ අය දක්‍ෂතාව අනුව පෙළගස්වන්න.
මේ හතර දෙනාගෙම දක්‍ෂතා මම දැක්කා. ගයාන්ගෙත් මම විශාල දක්‍ෂතාවක් දැක්කා. ලොකු කැපවීමක් තිබ්බා. රොෂාන් රවීන්ද්‍ර කියන්නේ ගොඩාක් කල්පනා කරලා වැඩක් භාරගන්න කෙනෙක්. ගයාන් එහෙම තෝරා බේරා ගැනීමක නෑ. මේ තියෙන ආර්ථික තත්ත්වය ඒකට හේතු වෙනවා. දසුන් පතිරණත් ටිකක් විතර තෝරා ගැනීමක් එක්ක සොයාගෙන යන ගමනක් යනවා. සම්පත් ජයවීරත් දැඩි උනන්දුවෙන් සොයා යෑම් කරන අලුත් වෙන්න හදන දක්‍ෂතා තියෙන කෙනෙක්. මේ හතර දෙනාම එකම මට්ටමේ දක්‍ෂයෝ. ජීවත්වීමේ ප්‍රශ්නය නිසා මේ හැමෝටම වෙලා තියෙන්නේ විෂයානුබද්ධ වෙන්න බැරිවීම. හම්බ කිරීමේ ප්‍රශ්නෙ නිසා මේ හතරදෙනාම එක තැනක හිරවෙලා.

09.දැන් විවාහ වෙලා ඉන්න කෙනා බිරිය නොවුණා නම් මේ අයගෙන් බිරිය කරගන්නේ කවුද? 
නිල්මිණි තෙන්නකෝන්, සංගීතා වීරරත්න, නුවංගි ලියනගේ, දමිතා අබේරත්න.
මේ හතර දෙනාගෙන් එක්කෙනෙක්වත් නොබැඳ මම අයාලේ යනවා. මොකද මෙයාලා කාටවත් බෑ මාව Control කරන්න. මම ඔය අයාලේ ගිය ජීවිතේ කිය කියා නිකන් ඉඳියි එහෙනම්.

10.බූඩිට ඕන වෙනවා “මිල්ලෙ සොයා” චිත්‍රපටය නැවත කරන්න. චරිතවලට අදාළ නළු නිළියෝ තේරීම මහේන්ද්‍ර අයියාට භාර දෙනවා, අයියගේ චරිතයටයි, සංගීතගේ චරිතටයි ඔයා තෝරන්නේ කවුද?
මගේ චරිතයට.... ම්ම්ම්.... මම හිතවා දසුන් පතිරණ චූට්ටක් විතර හරියයි කියලා. ගොඩාක් නෙවෙයි චූචූචූට්ටක්, සංගීතට තමයි දෙවියනේ.... මම දැන් ඉන්න අයගේ නම් දන්නෙත් නෑ. ම්ම්ම්... අර කවුද... ආහ් ශලනි තාරකා. මම හිතනවා එයා හොඳයි කියලා.

11.මිෂෙල් ඔබාමාට අවශ්‍ය වෙනවා ඔබාමාගෙන් වෙන්වෙලා මහේන්ද්‍ර අයියව බැඳගන්න. මොකද කරන්නේ?
මගේ ගෑනි හා කිව්වොත් මිෂෙල් ඔබාමට මම හා කියලා බැඳලා දානවා. හැබැයි මාසෙකින් ඒකත් දික්කසාද වෙන්න වෙනවා. ආයේ කතා දෙකක් නෑ. එයා සුමාන දෙකෙන් මාව දාලා යනවා Sure එකටම. ඒක නිසා wifeට කියනවා කසාදෙන් සුමාන දෙකක් නිවාඩු දෙන්න කියලා.

12.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ, ජෙනරාල් සරත් ෆොන්සේකා, විමල් වීරවංශ මේ අයව හම්බවෙලා එක ප්‍රශ්නයක් අහන්න ලැබුණොත් මොනවාද අහන්නේ?
ජනාධිපතිතුමනි මේ රටේ සිනමා ශාලා ටික හදලා දෙන්න බැරිද?
දැන් පක්‍ෂ නායකකමේ හිටියා ඇති නේද රනිල් මහත්තයෝ?
සරත් ෆොන්සේකා මහත්තයාගෙන් අහනවා මම රටට සේවය කරන්න ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නම ඕනද කියලා.
අලුතින් ගෙවල් හදාපු ගම්මානයක් පිහිටුවන්නේ නැද්ද කියලා විමල් වීරවංශගෙන් අහනවා.

13.සක්‍රයා මහපොළොවට බැහැලා මහේන්ද්‍ර අයියට එකම එක වරමක් දෙනවා ශරීරාංගයක් වෙනස් කරගන්න... මොනවාද වෙනස් කරගන්නේ?
සක් දෙවිඳුනි මීට වඩා තව අඟල් දෙකක් මාව උස යවන්න කියනවා. එතකොට අර මම දාන සපත්තු දෙකේ අඟල් දෙකක් විතර heel එක නැතිව මට යන්න පුළුවන්.

14.Play Boy සඟරාවෙන් නිරුවත් Cover page එකකට ආරාධනා කරනවා මහේන්ද්‍ර අයියා ඉල්ලන ගාණක් දෙන්නම් කියලා. ආරාධනාව භාර ගන්නවාද?
අයියෝ සිනමා කැමරාව ඉස්සරහ නිරුවතින් ඉඳපු මට ඕක වැඩක්ද? ඒවා කීදාහක් නැවත නැවත බලනවාද? මම ඉල්ලන ගාණ දෙනවා නම් ඕක පෙනුණට කමක් නෑ. මම භාරගන්නවා.

15. අයියගේ පුතාලා තුන්දෙනා විවාහ වෙන වයසට එනවා, එක්කෙනෙක් අයිශ්වර්යා රායිවත්, අනෙක් කෙනා ඇන්ජලීනා ජොලීවත්, ඉතිරි කෙනා ලේඩි ගගාවත් බඳින්න අවසර ඉල්ලනවා... අයියා අවසර දෙනවාද?
බැඳහල්ලා කියනවා.

16. ඒ ඇයි?
මටත් Try එකක් දෙන්න පුළුවන්නේ. ගහයිද දන්නේ නෑ නේ මට.
17.ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙක්ට අවශ්‍ය වෙනවා Porn Movie එකක් කරන්න Porn Actres සනී ලියෝන්ව සහ මහේන්ද්‍ර අයියාව දාලා භාරගන්නවාද?
අනිවාර්යයෙන් භාර ගන්නවා.

18.සමලිංගික ප්‍රේමය පදනම් කරගත්තු චිත්‍රපටයක අයියට ආරාධනා කරනවා. ඒ සඳහා අයියවත්, කමල් අද්දරආරච්චිවත් තෝරාගන්නවා. එහි සරාගී දෙතොල් සිප ගැනීමේ දර්ශනයක් තිබෙනවා. වැඩේ භාර ගන්නවාද?
මගේ ජීවිතේ මම අප්‍රියම කරන දේ තමයි ඔය සමලිංගික කියන කතාව. ඒක මට ඇත්තටම ඇත්තටම අප්‍රසන්නයි. තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ මට එවැනි චරිතයක් කරන්න තිබුණාට ඔවැනි දර්ශන තිබුණේ නැති නිසා අවුලක් නැතිව මම කළා. නමුත් මම මේ විෂයට අකමැති නිසා මම මේ චිත්‍රපටය නම් භාරගන්නේ නෑ.

19.Shooting වෙලා Lodge වුණාම, රෑට හැමෝම මහේන්ද්‍ර අයියගේ කාමරේටම රිංගන්න හදන්නේ ඇයි?
ආහ්, මම මගේ කාමරයේ හඳුන්කූරු පත්තු කරනවානේ. ඒ හඳුන්කූරුවල එක එක මල්වල සුවඳ හමනවා. ඒ සුවඳට ඒ දුමට කට්ටිය හරිම කැමැතියි. සමහර හඳුන්කූරු රෝස මල් සුවඳයි, සමහර ඒවා අරලිය මල් සුවඳයි. ඉතින් කට්ටිය හරිම කැමැතියි මගේ කාමරේට ඇවිත් ඒ සුවඳ ආඝ්‍රාණය කරලා යන්න. අනෙක මම යන යන තැන මගේ  එකක් එක්ක මගේ Player CD ටික අරන් යනවා. සින්දු අහන්නත් කට්ටිය එනවා.

20.අයියගේ Car එක Drive කරන්න කමල් අද්දරආරච්චිට දවසක් ලොකු ආසාවක් ආවා. එදා කමල් අයියගේ ආසාව සන්සිඳවන්න ගිහින් මොකද වුණේ?
කමල් ඒ කාලේ දැනට වඩා හරි Speed. Car එක Uncontrol speed එකක Drive කරලා රෝද දෙකෙන් ගිහින්. රවුම් දෙකක් විතර කැරකිලා පෙරළුණා. Car එක බිමට වැටිලා නැවතුණාම මම Seat අස්සෙන් බෙල්ල දාලා බැලුවා. Winds creen එක කළුම කළු පාටයි. මට එකපාරට හිතාගන්න බැරි වුණා මම මේ ඉන්නේ වළක් ඇතුළෙද කියලා. Driving seat එකේ කමලුත් නෑ. මම හිතුවා කමල් එළියටවත් විසි වෙලාද කියලා. මම ‍ෙදාරට පයින් ගහලා ගහලා ඇරගෙන එළියට බැහැලා බලද්දී කමල් කාර් එකේ බොනට් එක ඉස්සරහා දණ ගහගෙන අඬනවා. ඇයි මචං මටම මෙහෙම වෙන්නේ කිය කියා.

21.කාලයක් රඟපෑමෙන් අෑත්වෙලා මාංස සම්බන්ධ වෙළෙදාමක යෙදුණේ ඇයි?
අනාගතය ගැන පොඩි බයක් ආවා. මොකද අපි වෙනත් රැකියාවල යෙදෙන අය නෙවෙයි. හදිසියේ වැඩක් නැති වුණොත් කියලා මම ව්‍යාපාරයකට අත ගැහුවා. මම Farm shop එකක් කළා. කොහොම හරි මරාලයකට තමයි මම අතගැහුවා. ඒ වැඩේ කර කර ඉද්දි තමයි ප්‍රසන්න විතානගේ කඩේ ගාවට ඇවිත් පුරහඳ කළුවර චිත්‍රපටයට කතා කළේ. ඉතින් මම කඩේ වහලා Shootingවලට ගියා.

22.කමල් අද්දරආරච්චි, පාලිත සිල්වා, ශි්‍රයන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි, ලින්ටන් සේමගේ මේ අයට කියන්න තියෙන්නේ මොනවාද? මේ අයියගේ සමකාලීනයෝ...
කමල් කියන්නේ වයසින් පරිණත වුණත් රංගනයේදී Real ප්‍රේමවන්තයෙක්, ඔහුගේ කඩවසම් බව සමඟයි ඒක එන්නේ.
පාලිත සිල්වා පොඩ්ඩක් තරබාරුකම අඩුකර ගත්තා නම් හොඳයි.
ශි්‍රයන්තගේ මෑතකදී ඉඳන් පොඩි Over එකක් එනවා ඒක අඩු කරගත්තා නම් හොඳයි.
ලින්ටන් සේමගේට පුළුවන් නම් එක කේන්ති නොයන චරිතයක් රඟපාලා පෙන්වන්න. මොන චරිතේ රඟපාන්නත් ඔහුට කේන්තිය ඕනෑ.
ජැක්සන් ඇන්තනි රඟපාද්දි තමා ජැක්සන් ඇන්තනි කියලා අමතක කරලා රඟපාන්න පුළුවන් වුණා නම් හොඳයි. මානසික සැහැල්ලුවක් තව ටිකක් වර්ධනය වුණා නම්.

23.මේ සමකාලීනයන්ගෙන් අයියට අභියෝගයක් වුණේ කවුද?
කිසි කෙනෙක් අභියෝගයක් වුණේ නැහැ.

24.මහේන්ද්‍ර පෙරේරා අනංගයා කියන්නේ ඇත්තද?
කාලයක් එහෙම අනංග කෑලි තිබුණා. දැනුත් එහෙම නැත්තේ නැහැ ඉතින්. ඒත් ජීවිතේ තුළ මම පත්වෙලා ඉන්නේ රංගනය පැත්තෙන් මම පෝෂණය වෙන්නේ කොහොමද කියන තැනට. ඒ තුළ ඔය කියන අනංගකමත් චූට්ටක් විතර ඇති.

0 comments:

Post a Comment