කුල දරුවන් පස් දෙනකුට වැඩි ප්‍රමාණයක් පැවිදි කරවන විහාරස්ථානවලට මුදල් ආධාර ලබා දීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එසේ සසුන්ගත වන හාමුදුරුවරුන්ගේ අධ්‍යාපනය සඳහා මෙම මුදල් ලබා දෙන බව අගමැති දි.මු. ජයරත්න මහතා පැවැසීය. දැනට පන්සල් 157 ක් භික්ෂූන් වහන්සේ නොමැතිකම නිසා හුදකලා වී තිබෙන බවත්, මේ නිසා කුල දරුවන් සසුන් ගත කරන විහාරස්ථාන දිරිමත් කිරීම පිණිස මෙම වැඩපිළිවෙළ බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත් අගමැතිවරයා කීවේය.
මීට අමතරව යම් සාමනේර හිමිනමකගේ මාපියන් ආර්ථික අගහිගතාවකින් පෙළෙන්නේ නම් ඔවුන්ට නිවාස තනාදිම සිදුකිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් මේ වන විට එවැනි නිවාස රැසක් ඉදිකර දී ඇති බවත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
8:47 AM
Unknown

0 comments:
Post a Comment