දෙමාපියන්ගේ කැමැත්තෙන් තොරව තමන් ආදරය කළ තරුණයා සමග විවාහ වීම හේතුවෙන් 18 හැවිරිදි දියණියට වෙඩි තැබූ පියෙකු පිළිබඳව පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
සබා මස්කූඩ් නමැති එම තරුණිය මීට දින 5කට පෙර විවාහ වී ඇත්තේ, මුහම්මද් කයිසර් නමැති අසල්වැසි තරුණයෙකු සමග ය.
මේ හේතුවෙන් ඇගේ පියා, සොහොයුරා, මාමා සහ නැන්දණිය එක්ව ඇයට පහර දී වෙඩි තබා තිබේ.
ඇයගේ කම්මුලට සහ දකුණු අතට වෙඩි වැදීමෙන් පසු ඇය සිහිසන් නොමැති ඇද වැටී ඇති අතර පහර දුන් පිරිස සිතා ඇත්තේ, ඇය මිය ගිය බව ය.
ඒ අනුව, ඔවුන් ඇය ගෝනියක දමා අසල තිබූ ඇළකට විසි කර ඇත.
පසුව යළි සිහිය ලැබූ ඇය තවත් කිහිප දෙනෙකුගේ උපකාර ඇතිව දිවි ගලවාගෙන තිබේ.
මේ වන විට ඇය රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.
0 comments:
Post a Comment