පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් විවාහ දිවියට ඇතුළත් වීමට තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අක්තර්ගේ මනමාළිය ව්‍යාපාරිකයෙකුගේ 17 හැවිරිදි දියණියක බව ය.
මෙම මාසයේ තෙවැනි සතියේදී ඔහුගේ විවාහය උත්සවය පැවැත්වෙනු ඇති.
38 හැවිරිදි ෂොයිබ් අක්තාර්ට වැඩිමහල් සොයුරන් තිදෙනෙක් සහ සහෝදරියක් සිටිති.
2011 ලෝක කුසලාන සමයේ සම්මුඛ සාකච්ඡාවකදී අක්තර් පවසා ඇත්තේ, ඔහු දුප්පත් රෝගීන් වෙනුවෙන් සිය උපන් ගම වන රාවල්පින්ඩිහි රෝහලක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව ය.
ඉම්රාන් ඛාන්ගේ මව පිළිකා රෝගයෙන් මිය ගිය පසු ඔහු ද ලාහෝර්හි පිළිකා රෝහලක් ඉදි කළේ ය.
0 comments:
Post a Comment