සමාජ වෙබ් අඩවිවලින් ආගමික සංහිදියාව නැති කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව පියවර ගන්න ගෝඨා කියයි ~ niruwatha

Saturday, June 28, 2014

සමාජ වෙබ් අඩවිවලින් ආගමික සංහිදියාව නැති කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව පියවර ගන්න ගෝඨා කියයි

සමාජ වෙබ් අඩවි භාවිතා කරමින් ජාතිවාදි හා ආගම්වාදි ගැටුම් වර්ධනය වන ආකාරයෙන් ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. 

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ක්‍රියාවන්වල නියැලෙන පුද්ගලයින්ට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා විසින් ආරක්ෂක නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි. 

පසුගිය කාලය තුළ ඇති වු ආගම්වාදි ගැටුම් මැඩපැවැත්වීමෙන් අනතුරුව ඇතැම් සමාජ වෙබ් අඩවි හරහා එවැනි ගැටුම් යළි ඇති කරවීම සඳහා ඇතැම් පුද්ගලයින් උත්සහ දරමින් සිටියි. 

මෙවැනි ක්‍රියා වළක්වා ගැනීම සඳහා රජය ඇතුළු ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් කටයුතු කරමින් සිටියදි සමාජ වෙබ් අඩවි හරහා එවැනි ගැටුම් යළි ඇති කිරිමට උත්සහ දැරීම ඉතා කණගාටුවට කරුණකි. 

මේ හේතුවෙන් සමාජයේ මතවාද මෙන්ම විසංවාදද ඇති වු අතර එම ක්‍රියාවන් පාලනය කිරීමට හැකියාවක් ලැබී ‍නොමැති බව සමාජයේ වැඩිදෙනා අතර කතාබහට ලක්විය.

0 comments:

Post a Comment