ලෝකයේ සුව කල නොහැකි රෝග අතරට අයත් වන ඒඩ්ස් රෝගයට නව එන්නතක් සොයාගෙන ඇති බව බ්‍රිතානයේ ඩේලි මේල් පුවත් සේවය වාර්තා කරනවා
මේ වන විට පර්යේෂණ මට්ටමේ පවතින මෙම එන්නත ඒඩ්ස් වයිරසයට ගොදුරු වී සිටිනා කැනඩා ජාතික මවුවරුන් සිවු දෙනෙකුගේ අලුත උපන් බිලිඳුන් සිවු දෙනෙකුට එන්නත් කල බවත් ඔවුන් සිවු දෙනාගේ තිදෙනෙකුගේ සිරුරු වලින් වයිරසය තුරන් කිරීමට හැකි වුනු බවත් බටහිර වෛද්‍ය වරු පවසනවා.පරීක්ෂණයට යොදා ගනු ලැබූ සිවු වැනි බිලින්දාගේ වයිරසය යම් තාක් දුරට අඩපන වූ බවයි වෛද්‍ය වරුන් පවසන්නේ.
අදාළ බිලිඳුන්ට පර්යේෂණ මට්ටමේ පවතින එම එන්නත ලබා දී ඇත්තේ ඔවුන් මෙලොවට ඉපදී පළමු පය කිහිපයක් තුලදී වීම විශේෂත්වයක්.මෙම එන්නත සම්බන්ධයෙන් බොහෝ විද්‍යා වරුන් සක පළකර ඇති බවයි ඩේලි මේල් පුවත් සේවය වාර්තා කරන්නේ .නමුත් එම එන්නත් සම්බන්ධයෙන් ජුලි මස 20 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වීමට නියමිත ඒඩ්ස් සමුළුවේදී සාකච්චා කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
0 comments:
Post a Comment