ලොව විශාලතම පක්ෂියාගේ ෆොසිල කොටස් ගලපා එම පක්ෂියා හඳුනා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.
අමෙරිකාවේ කනෙක්ටිකට් කෞතුකාගාරයේ පාලක ඩැනියෙල් සෙක්පා පවසන්නේ, මෙම පක්ෂියා මුහුදු ලිහිණි වර්ගයක් ලෙස අනුමාන කළ හැකි බව ය.
එම පක්ෂියා තටු විහිදූ විට මීටර් 7.4ක් (අඩි 24) පමණ දිගින් යුක්ත වන බව එම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
අවුරුදු මිලියන 25ක් පැරණි මෙම ෆොසිල මීට වසර 30කට පෙර දකුණු කැරොලිනා ප්‍රාන්තයෙන් සොයා ගැනිණි.
අවුරුදු මිලියන 25ක් පැරණි මෙම ෆොසිල මීට වසර 30කට පෙර දකුණු කැරොලිනා ප්‍රාන්තයෙන් සොයා ගැනිණි.
අමෙරිකාවේ කනෙක්ටිකට් කෞතුකාගාරයේ පාලකවරයා පැවසුවේ, මුහුදු පතුලේ තිබූ ෆොසිල කොටස් කිසිදු හානියකින් තොරව ගොඩ ගැනීමට ගවේෂකයින්ට හැකිවූ බව ය.
0 comments:
Post a Comment