ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සදහා කරමලක් නොමැති අමුතුම වර්ගයේ මාළුවෙකු දොඩන්දූව ධීවර වරායේ ධීවරයින් පිරිසකට හමුවී තිබෙනවා. මෙම මාළුවා කිලෝ දෙකහමාරක් හා පැතලි හැඩයෙන් යුතු මෙම මාළුවා අගල් 15 ක් පමණ දිග,අගල් 8ක් පමණ පළල් වනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වෙනත් මසුන්ට මෙන් දිගු වරලක් මෙම මත්ස්‍යයාට නොමැති අතර කදට සමාන අගලක් පමණ දිගැති ඉතා කොට වරලක් මෙම මාළුවා සතුව බවයි. විවිධ චිත්‍ර වැනි දර්ශනද මාළුවාගේ දෙපසෙහි දැක්නට ලැබෙනවා.
මෙම මාළුවා මිලදී ගත් දොඩන්දූවේ එන් කේ පී සිල්වා මහතා මෙම මාළුවා පිළිබද මෙලෙස කියා සිටියා
" අද උදේ මම දොඩන්දූව ධීවර වරායට ගියා.ඒ වෙලාවේ මෙම මාළුවා ධීවරයින් පිරිසක් විසින් අල්ලා ගෙනවිත් තිබුණා.මමත් බෝට්ටු හිමියෙක්. නමුත් මෙවැනි මාළුවෙක් මම මීට පෙර කිසිම දිනක දැකලා නැහැ.
මේ මාළුවාගේ තියන එක් විශේෂත්වයක් තමයි හුස්ම ගැනීමට කරමලක් නොතිබීම.ඒ වගේම වරලත් ඉතා කෙටියි.මේ මාළුවාගේ කටත් වහන්න බැරි විදියටයි පිහිටලා තියෙන්නේ. ඉතා දුර්ලභ අමුතුම මාළුවෙක් තමයි මේ සතා. ඒ නිසා මම රුපියල් දහසකට මේ මාළුවා ගත්තා. "
0 comments:
Post a Comment